April 27, 2024

සූ කී සිරගත කරයි!

December 06, 2021

බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා අවුං සාන් සූ කී බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ වසර 04කට යි.

වත්මන් මියන්මාර පාලකයින්වන එරට හමුදාවට එරෙහිව මහජනතාව උසිගැන්වීමත් ඒ හරහා රට තුළ කළබලකාරී වාතාවරණයක් ඇති කිරීම යන චෝදනාවලට එරෙහිව මෙම නඩු තීන්දුව ලබා දී ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඇගේ ක්‍රියාවන් හරහා කොවිඩ් 19 නීති උල්ලංඝනය කර ඇති බවට ද ඇයට එරෙහිව චෝදනා නගා තිබෙනවා.

තව ද ඇයගේ පක්ෂය විශිෂ්ඨ ලෙස ජය ගත් පසුගිය මැතිවරණයේ දී වංචා සිදු කළ බවට ද ඇයට විරුද්ධව නගා ඇති චෝදනාවල සඳහන්.

හමුදා කුමන්ත්‍රණයකින් අවුං සාන් සූ කීව නෙරපා හැරියේ පසුගිය පෙබරවාරි 01 වැනි දා යි.

එතැන් සිට එරට පාලනය සිදු කරන්නේ හමුදා ජුන්ටාවක් විසින්.

පෙර ද ඇය වසර ගණනාවක් තිස්සේ නිවාස අඩස්සියේ තබා තිබූ අතර 1991 වසරේ ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවා.

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සාමකාමී අරගලයක යෙදීම වෙනුවෙන් ඇයට එය හිමි වූවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 December 2021 13:26

Related items