April 25, 2024

හමුදා අණ නොතකා මියන්මාරයේ ජනතා උද්ඝෝෂණ - රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල වෙයි (VIDEO)

February 09, 2021

මියන්මාර හමුදා පාලනය විසින් එරට ජනතා උද්ඝෝෂණ තහනම් කරමින් නීති පනවා ඇති අවස්ථාවක දස දහස් ගණනක ජනතාවක් මියන්මාරයේ අගනුවරට රැස්ව එරට හමුදා කුමන්ත්‍රණයට විරුද්ධව විරෝධතාවල නිරතව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම විරෝධතා වැළැක්වීම සඳහා මියන්මාර පොලීසිය විසින් දැඩි උත්සාහයක නිරත වන බවත් ඒ සඳහා ජල ප්‍රහාර මෙන්ම රබර් උණ්ඩ ප්‍රහාර ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රහාර හමුවේ විරෝධතාකරුවන් කිහිප දෙනෙකු ද බරපතළ තුවාල ලබා ඇති බවද සඳහන්.

මේ වන විට ජනතා හමු මෙන්ම රාත්‍රී කාලයේ ද ඇඳිරි නීතිය පැනවීමට හමුදා රජය තීරණය කර ඇති අතර හමුදා ප්‍රධානියා විසින් පවසා ඇත්තේ කිසිවෙකුටත් නීතිය අභිබවා යා නොහැකි බවයි.

මියන්මාර රටවැසියන් සහ පොලිසීය ගැටෙන වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)