April 27, 2024

මියන්මාරයේ අඳුරුතම දිනය අදයි! - පොලීසිය ජීව උණ්ඩ යොදා උද්ඝෝෂකයින්ට වෙඩි තබයි

February 28, 2021

මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීමෙන් පසුව එළැඹුණු අඳුරුතම දිනය අද (28) දිනයේ දී උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා පාලනයට එරෙහි අද පැවැති උද්ඝෝෂණ අතර සිදු වූ ගැටුම්වලදි මියන්මාර පොලීසිය විසින් ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ.

මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

මියන්මාර හමුදා පාලනය විසින් එරට එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතයාවද සේවයෙන් පහ කර ඇති බවත් වාර්තා වෙයි.

පොලිසිය දැඩිව මර්දන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළත් මියන්මාර ජනතාව තම සටන අත් නොහැරම සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 February 2021 21:29