April 20, 2024

ඇෆ්ගනිස්තානය යළි ලේ විලක් වෙයි : බෝම්බ ප්‍රහාර හතරක්

තලිබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ හිටපු පාලනය ආයුධ සන්නද්ධ අරගලයකින් පලවා හැර පාලන බලය අතට ගත්තා.

මේ වන විට තලිබාන් පාලනයට සිය ක්‍රමයෙන්ම ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

බෝම්බ ප්‍රහාර හතර

ඒ ඉස්ලාමීය රාජ්‍යය (ISI) සටන්කාමීන් වෙතින්.

ඊයේ (21) මෙරට කතෝලික බැතිමතුන් පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාරයේ තුන් වෙනි සැමරුම සමරද්දී ඇෆ්ගනිස්ථානයේ බෝම්බ හතරක් එල්ල වුණා.

ඉන් මේ වන විට 31 දෙනකු මියගොස් 87 දෙනකු තුවාල ලබා ඇති බවයි බී.බී.සී (BBC) ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

පළමු ප්‍රහාරය

එම ප්‍රහාරයේ වගකීම ISI සටන්කාමීන් භාරගෙන තිබෙනවා.

පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ මසාර් ඉ ශරීෆ් (MAZAR – I- SHARIF) ප්‍රදේශයේ සියා මුස්ලිම් පල්ලියකට.

මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ රිමෝටයකින් පිපිරවූ බෝම්බයකින්.

ඒ අවස්ථාවේ පල්ලිය ජනතාවගෙන් පිරි ඉතිරී තිබූ බවයි වාර්තා වන්නේ.

ලේ සහ බිය

එම පල්ලිය අයත් ප්‍රාන්තයේ මහජන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු වන අහමඩ් සියා සින්දානි පවසන්නේ ජනතාව හැම තැනම වේදනාවෙන් කෑ ගැසූ බවත් ලේ සහ බිය හැම තැනම විසිරී තිබූ බවත්ය.

BBC ප්‍රවෘත්ති සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ එම බෝම්බ ප්‍රහාර අතරතුර තලිබාන් සටන්කාමීන් ගමන් කරමින් සිටි රථයකටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවයි.

ඉන් එම රථය පුපුරා ගොස් එහි සිටී තලිබාන් සාමාජිකයන් 4 දෙනකු මියගොස් තිබෙනවා.

සටන්කාමීන්ගේ ප්‍රතිචාරය

ඒ අතර ISI සටන්කාමීන් සඳහන් කරන්නේ තමන් කුන්දුස් (KUNDUS) ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් අසලදී වාහනයකට එල්ල කළ ප්‍රහාරයකින් 4 දෙනකු මියගොස් 18 දෙනෙකු තුවාල ලැබූ බවයි.

ISI සටන්කාමීන් මෙම ප්‍රහාරය ගැන පවසන්නේ සිය නායකයා හා මාධ්‍ය ප්‍රකාශකයා ඝාතනය කළ පළිය ගැනීම සඳහා ලෝකය පුරා දියත් කරන ප්‍රහාර වලින් එකක් බවයි.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තලීබාන් රජය පවසන්නේ තමන් ISI සටන්කාමීන් පරාජය කළ මුත් එම කණ්ඩායම සිය පාලනයට බරපතළ තර්ජනයක් බවයි.

Rate this item
(0 votes)