April 24, 2024

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි වූ 19 හැවිරිදි තරුණියකට වෙඩි තබයි - සංවේදී වීඩියෝ සහිතයි

February 11, 2021

මියන්මාරයේ දිගින් දිගටම පැවැත්වෙන හමුදා පාලනයට එරෙහි ජනතා විරෝධතා අතර 19 හැවිරිදි තරුණියකට පොලිස් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම එල්ල කළ වෙඩි ප්‍රහාරය තරුණියගේ හිස පිටුපසට වැදී තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම තරුණිය ඇයගේ සහෝදරිය සමඟ සිට ඇති අතර විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබීම ආරම්භ කිරීමත් සමඟ වෙඩි වැදුණු තරුණියව ඇයගේ සහෝදරිය අතින් ඇදගෙන යන්නට හදන අවස්ථාවේ මෙලෙස වෙඩි ප්‍රහාරය වැදී තිබේ.

තම නැගණිය වෙඩි වැදුණු බව තමන් මුලින් නොදැන සිටි බවත්, ඇය තරහින් සිටි නසා ක්ලාන්තය වී වැටෙන්නට ඇති බවත් තමන් සිතූ බව අනතුරුට මුහුණ දුන් තරුණියගේ සහෝදරිය පවසා තිබුණි.

එමෙන්ම ඇයගේ සහෝදරයා විසින් මෙම අනතුරට පෙර සිය සහෝදරිය වෙත දුරකථනයෙන් අමතා ඇති අතර එහිදී සහෝදරයා විසින් විමසා තිබුණේ පොලීසිය වෙඩි තැබුවොත් කුමක් වෙයිද යන්නයි. තරුණිය එයට පිළිතුරු ලබා දී තිබුණේ එසේ නොවෙන බවත්, එසේ වුණත් කමක් නැති බවයි.

තරුණියගේ ජීවිතය පිළිබඳව වෛද්‍යවරුන් බලාපොරොත්තු තබා ගත නොහැකි යැයි පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන විට ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මෙන්ම, හමුදා පාලනයට විරෝධය පාමින් දස දහසක් ගණනක පිරිස් හමුදා අණ නොතකා එරට අගනුවර උද්ඝෝෂණවල නිරතව සිටියි.

එම තරුණියට වෙඩි පහර එල්ල වන අවස්ථාව පහත වීඩියෝවෙන්,



Rate this item
(2 votes)