April 26, 2024

රුසියාවෙන් තීන්දුවක් : ජනමත විචාරණයකට සූදානමක්

ඊයේට (24) රුසියාවේ යුක්රේනියා ආක්‍රමණයට මාස දෙකක් සැපිරුණා.

ආක්‍රමණයට දෙමසක් සැපිරෙන මේ අවස්ථාවේ රුසියාව යුක්රේනියාවේ අල්ලා ගත් ප්‍රදේශයක් සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන බව බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා වාර්තා කර තිබෙනවා.

ජනමත විචාරණයක්

ඒ දකුණු යුක්රේනියාවේ කර්සන් (KHERSON) ප්‍රදේශය සම්බන්ධයෙන්.

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා වාර්තා කරන්නේ එම ප්‍රදේශය තමන් අල්ලාගෙන සිටීම සාධාරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට රුසියාව තීන්දු කර ඇති බවයි.

එම ප්‍රදේශයේ ලක්ෂ 3 ක ජනගහනයක් ජීවත් වනවා.

පාලමක් ඉදි කිරීම

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම වාර්තා වාර්ථා වලින් දැක්වෙන්නේ කර්සන් ප්‍රදේශය හා ක්‍රිමියාව සම්බන්ධ වන ආකාරයට පාලමක් ඉදි කිරීම රුසියාව සූදානම් වන බවයි.

2014 වසරේ රුසියාව විසින් ක්‍රිමියාව ප්‍රදේශය අත්පත් කර ගත්තා.

මාස දෙකක් පුරා රුසියාව යුක්රේනියාව තුළ කළ යුද්ධයේදී අත්පත් කර කර ගැනීමට හැකි වූ ප්‍රදේශයේ වූයේ කර්සන් ප්‍රදේශයයි.

ඒ අවට රුසියාව හමුදා අල්ලාගෙන සිටි ප්‍රදේශ යළි අල්ලා ගැනීමට යුක්‍රේනියාවට හැකි වූ අතර මේ වන විටත් එම ප්‍රදේශයේ සටන් සිදු වෙමින් පවතිනවා.

Rate this item
(0 votes)