April 18, 2024

නේපාලයටත් ශ්‍රී ලංකාවේ රෝගය වැළඳෙයි : තත්ත්වය බරපතළ වන ලකුණු

දකුණු ආසියානු කලාපීය රටක් වන නේපාලයටද ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම අත් වෙමින් තිබෙන බව වාර්තා වනවා.

නේපාල වැසියන්ටද ජීවන වියදම දරා ගැනීමට නොහැකි තරමටම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජීවන වියදම

ගෙවුන වසර දෙක තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ ගිය ජීවන වියදමේ ඉහළ යෑම නතර වන තැනක් පෙනෙන්නට නොමැති බව නේපාල වැසියන් සඳහන් කරනවා.

නේපාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව මගී ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් තිබෙන අතර අත්‍යවශ්‍ය මූලික ද්‍රව්‍ය වල මිල 20% කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවට වඩා මිලියන 7 ක ජනගහනයක් එනම් මිලියන 29 ක ජනගහනයක් ජීවත්වන නේපාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ අසල්වැසි ඉන්දියාව මතයි.

ප්‍රබල අසල්වැසියන්

නේපාලයට අවශ්‍ය තෙල් සැපයීම කරන්නේද ඉන්දියාවයි.

නේපාලය එක් පැත්තකින් චීනයට හා අනික් පැත්තෙන් ඉන්දියාවට යාබදවයි පිහිටා තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 April 2022 01:58