April 24, 2024

ප්‍රංශයේ හිටපු ජනපති යළිත් දිනුම් : පරාජිතයාගෙන් වාර්තාවක්

ප්‍රංශ ජනපතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඉන් හිටපු ජනපති එම්මාණුවෙල් මැක්රොන් (EMMANUEL MACRON) ජයග්‍රහණය කර තිබෙන්නේ තවත් වසර 5 ක් ප්‍රංශය පාලනය කිරීමේ වරමත් හිමිකරගනිමින්.

පහසු ජයක්

ප්‍රංශ ජනපතිවරණයේදී මැක්රොන්ගේ ප්‍රතිවාදියා වූයේ මරීන් ලි පෙන් (MARINE LE PEN) මහත්මියයි.

මැක්රොන් 58.55% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ලි පෙන් ලබා ගත්තේ 41.44% ප්‍රතිශතයක්.

එහෙත් දේශපාලන විචාරකයින් බලාපොරොත්තු වූයේ මීට වඩා තියුණු තරගයක්.

පරාජිතයාගෙන් වාර්තාවක්

ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ අසල සිටි සිය පාක්ෂිකයන් අමතා එම්මාණුවෙල් මැක්රොන් සඳහන් කළේ තමන් දැන් සියල්ලන්ගේම ජනපති බවයි.

ජනපතිවරණයෙන් පරාජය වූ ලි පෙන් එම පරාජයත් සමඟ වාර්තාවකට හිමිකම් කියනවා.

ඒ ඇය සහ ඇගේ පියා වන ජින් මරියා ලි පෙන් (JEAN MARIA LE PEN) අට වතාවක්ම පරාජයේ අමිහිරි අත්දැකීම උරුම කරගනිමින්.

යුරෝපා සංගමයේ ප්‍රතිචාරය

එම ඇණවුම ද මැක්රොන් ගේ ජයග්‍රහණය යුරෝපා සංගමයේ සතුටට හේතු වී තිබෙනවා.

ඒ ඔහුගේ ප්‍රතිවාදියා වූ ලි පෙන් යුරෝපා සංගම් ප්‍රතිවාදී මත දරන අන්ත වාමාංශික ක්‍රියාකාරිනියක් වීම නිසා.

යුරෝපා කොමිසමේ කොමසාරිස් උර්සුලා වොන් ඩ ලෙයන් ( URSULA VON DER LEYEN) මැක්රොන්ට සුබ පතමින් සඳහන් කර තිබෙන්නේ සිය සංගමය හා ප්‍රංශයට එකමුතුව ඉදිරියට යා හැකි බවයි.

45 වැනි වියේ පසුවන මැක්රොන් 2017 මැයි 14 වෙනි දින සිට ප්‍රංශ ජනපති ධුරයේ වැඩ කටයුතු කරනවා.

Rate this item
(0 votes)