March 29, 2024

තවත් හිටපු ජනපතිවරයෙක් ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ඇරලා

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජේකොබ් සුමාට එරෙහි එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව කල් දමා තිබෙනවා.

එම නඩුව කැඳවූයේ අද (11).

නඩුව කල් දැමීම

විනිසුරුවා නඩුව කල් දැම්මේ හේතූන් දෙකක් මත.

ඉන් එකක් වන්නේ හිටපු ජනපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවය.

අනික් කරුණ වන්නේ හිටපු ජනපතිවරයා අසනීප තත්ත්වයෙන් සිටීම.

එල්ල වන චෝදනා

තමා අසනීප තත්ත්වයෙන් සිටීම නිසා පීටර්ස්බර්ග් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දී තිබෙනවා.

හිටපු ජනපතිවරයාට එල්ලවී ඇති චෝදනා වන්නේ දූෂණය හා මුදල් විශුද්ධිකරණයයි.

1990 වර්ෂයේ දී ප්‍රංශ කොම්පැනියක් සමග ආයුධ සම්බන්ධයෙන් කෙරුණු ගනුදෙනුවකින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් වංචා කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ.

එම චෝදනා සියල්ලම සුමා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඒවා සිය ප්‍රතිවිරුද්ධවාදීන් තමාව දේශපාලන වශයෙන් දඩයම් කිරීම සඳහා එල්ල කළ බොරු චෝදනා ලෙස හඳුන්වමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 April 2022 22:20