April 25, 2024

167 ක් මිය යයි : 110 ක් අතුරුදහන් - තත්ත්වය බරපතළයි

මේ වන විට ආසියානු කලාපීය රටක් වන පිලිපීනයට ධාරානිපාත වැසි හා ලැබෙමින් පවතිනවා.

ඒ සමගම කුණාටු තත්ත්වයක්ද ඇතිව තිබෙනවා.

සිදු වූ හානිය

එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නාය යෑමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 167 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 110 දෙනකු අතුරුදන්ව තිබෙනවා.

නායයෑම් හේතුවෙන් පිලිපීන ජාතිකයන් ලක්ෂ 19 ක් පීඩාවට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ධාරානිපාත වර්ෂාවට අමතරව පැයට කිලෝ මීටර් 65 ක වේගයෙන් හමාගිය සුළඟෙන්ද ජනතාව පීඩාවට ලක්ව තිබෙනවා.

මාස හතරකට පෙර

එම කුණාටුවට "මෙගී" (MEGI) යන අන්වර්ථ නාමය ලබාදී තිබෙනවා.

මීට මාස 4කට පෙරද මෙවැනිම වැසි හා කුණාටු හේතුවෙන් පිලිපීන ජාතිකයින් 375 දෙනකු මිය ගොස් ලක්ෂ 5කට අධික ජනගහනයක් පීඩාවට පත් වුණා.

එම කුණාටුව හැදින්වූයේ "රායි" (RAI) යන අන්වර්ථ නාමයෙන්.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 April 2022 01:56