March 29, 2024

දිනෙන් දින මියන්මාර උද්ඝෝෂකයන් ඝාතනය වීම වැඩි වෙයි

ඊයේ (11) දිනයේ මියන්මාරයේ පැවැත්වෙන හමුදා පාලනය විරෝධී ජනතා උද්ඝෝෂණයේ දී තවත් සිවිල් පුද්ගලයින් 07 දෙනෙකු ඝාතනය වී ඇති බවට වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි 01 වැනිදා හමුදා පාලනය විසින් මියන්මාරයේ පාලනය ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට 60කට ආසන්න ප්‍රමාණයක් ඝාතනයට ලක් වූ අතර 2000කට වඩා අත්අඩංගුවට ලක් විය.

පැවැති රජය විසින් ඡන්ද වංචාවන් සිදුකිරීම සහ කොරෝනා පාලනය නිසියාකාරව නොකිරීම යන කාරණා මූලික කරගෙන මියන්මාර හමුදා පාලනය විසින් එරට රාජ්‍ය බලය ලබා ගත්තේය.

ඉන් අනතුරුව අවුන් සාන් සුකී ඇතුළු බොහෝ ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයින් නිවාස අඩස්සියට දමා හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ව මර්දනය කිරීමට පටන් ගත්තේය.

කෙසේ වෙතත් මියන්මාර හමුදාව විසින් පවසා සිටින්නේ එරට අඩුපාඩු නැවත හැදීමෙන් පසුව වසරකින් මැතිවරණයක් පවත්වා නව රජයකට බලය පවරන බවයි.

Rate this item
(4 votes)

Related items