April 25, 2024

වෙඩි වැදී සිටි තිදරු පියාව ඇදගෙන ගොස් ටයර් මතට දමා ගිනි තබයි (VIDEO)

පසුගිය 27 වැනිදා මියන්මාර හමුදා පාලනය දියත් කළ මර්දන ක්‍රියාවලියේ කෲරතම දවස ලෙස ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබේ.

ඒ දිනක් තුළ පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමඟයි.

මෙලෙස මිය ගිය පිරිස අතර සිටි 40 හැවිරිදි තිදරු පියෙකුගේ සංවේදී කතාවක් විදෙස් මාධ්‍ය බොහෝමයක් වාර්තා කර තිබුණි.

‘ආයේ කෝ (Aye Ko)’ නම් මෙම තිදරු පියා පසුගිය 27 වැනිදා ඔහුගේ රැකියාව වූ ආහාර විකිණීම සඳහා නගරය වෙත ගොස් තිබුණු අතර එදින එරට හමුදා පාලනය එරෙහිව පැවැති කැරැල්ල මර්දනය සඳහා හමුදාව විසින් ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට කටයුතු කර තිබුණි.

මෙහිදී ආයේ හටද වෙඩි වැදුණු බව එම අවස්ථාවේ දිවි ගලවා ගත් අය සඳහන් කර තිබුණි.

පසුව හමුදාව විසින් එක්වරම එම ප්‍රදේශයට කඩා වැදී ඇති අතර වෙඩි වැදී බිම වැටි සිටි ආයේ ව ඔසවාගෙන ගොස් ටයර් මතට දමා ගිනි තැබූ බව ඇසින් දුටුවන් පවසා තිබේ. ඔහු එම අවස්ථාවේ ජීව ග්‍රහයෙන් සිට තිබුණු බවද වාර්තා වෙයි.

එමෙන්ම තවත් අවුරුදු 13ක දරුවෙක් ද මෙම වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවත් වාර්තා වන අතර මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබන ආකාරය සහ තවත් පුද්ගලයෙකු මහ මඟ පහරදී මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් ද ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එම සංවේදී දර්ශන සහිත වීඩියෝව පහතින්,

Rate this item
(4 votes)
Last modified on Monday, 29 March 2021 07:19

Related items