March 29, 2024

මියන්මාර කැරැල්ල යුද්ධයක් වෙයි : කැරලිකරුවන් හමුදා හෙලිකොප්ටරයකට පහරදී බිම හෙළයි (VIDEO)

මියන්මාරයේ හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකට පහර දී බිම හෙලූ බවට එරට හමුදා රජයට එරෙහිව කැරලි ගසමින් සිටින කාචින් නිදහස් හමුදා අංශය විසින් ප්‍රකාශය කර තිබේ.

කැරලිකරුවන්ට එරෙහිව එරට හමුදා විසින් ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම පහර දීම සිදුකළ බවට කාචින් නිදහස් හමුදා අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම පහර දීම සඳහා ඔවුන් යොදාගන්නා ලද ආයුධය පිළිබඳව කැරැලිකාර හමුදා අංශය විසින් හෙළි නොකර තිබුණි. 

සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝවක් දුටු බොහෝ දෙනෙකු පවසා තිබුණේ මෙම හෙලිකොප්ටර් යානය Mi-35 වර්ගයේ ප්‍රහාරක බලයක් සහිත ප්‍රවාහන යානයක් බවත් මෙම ප්‍රහාරය බොහෝ විට අතේ ගෙන යා හැකි ගුවන් යානා නාශක අවියකින් එල්ල කරන ලද මිසයිලයක් හරහා දියත් කරන්නට ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට මියන්මාර හමුදා පාලනය විසින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොතිබීම විශේෂත්වයක් වන අතර ඔවුන් ප්‍රහාරය පිළිබඳ පළවන පුවත් ද ප්‍රතික්ෂේප නොකිරීම තවත් විශේෂත්වයක් විය. 

අනතුරින් සිදු වූ හානිය පිළිබඳව හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් කිසිදු පුවතක් අනාවරණය වි නොමැත.

කැරලිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයෙන් විනාශ වූ හෙලිකොප්ටර් යානය බිම ඇඳ වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)
Last modified on Monday, 03 May 2021 23:43