April 28, 2024

විශ්ව රූ කිරුළ අමතක කරමින් තරඟාවලිය මැද මියන්මාරය වෙනුවෙන් හඬ නැගූ මියන්මාර සූන්දරිය (PHOTOS)

ඇමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සෙමිනොයිල් හාඩ් රොක් හෝටලයේ පැවති විශ්ව රූ රැජින අවසන් මහ තරඟයේ දී ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ සිදුවීමක් විය.

මියන්මාරය නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වූ තරඟකාරිනිය වන තුසාර් වින්ට් එල්වින් විසින් පසුගිය මැයි මාසයේ 13 වැනිදා පැවැති විශ්ව රූ රැජින තරඟාවලියේ එක් තරඟයකදී ඇය විසින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ “Pray For Maynmar (මියන්මාරය වෙනුවෙන් යාඥා කරන්න)” යැයි සඳහන් වන පුවරුවක් රැගෙනවිත් ප්‍රදර්ශනය කළාය.

ඇයට අවසන් තරඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ නමුත් ඇයට තරඟාවලියේ හොඳම සම්ප්‍රදායික දේශීයත්වය විදහා පාන ඇඳුමට හිමි ස්ථානය දිනා ගැනීමට හැකිව තිබුණි.

කෙසේ වෙතත් ඇය අවසන් තරඟ වටය සඳහා පටිගත කරන ලද වීඩියෝවක් හරහා පණිවිඩයක් එවා තිබුණු අතර එම පණිඩිවය තුළින් ඇය ලෝකයේම අවධානය මියන්මාරය වෙත ලබා දෙන්නැයි ඉල්ලා තිබුණි. 

එහිදී ඇය විසින් සඳහන් කර තිබුණේ “මියන්මාරය ගැන කතා කරන ලෙස මම සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිමි. හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූ දා සිට මම ඒ ගැන මට හැකි තරම් කතා කරමි. හමුදාව සෑමදාකම එල්ල කරන වෙඩි ප්‍රහාර හමුවේ අපේ ජනතාව මිය යමින් ඉන්නවා..” යැයිද එහිදී ඇය කියා සිටියාය.

පෙබරවාරි මාසයේ දී මියන්මාරයේ බලය දෙවන වරටත් පැහැර ගන්නා එරට හමුදාවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයන් හමුවේ දරුවන් ඇතුළු පුද්ගලයින් 790ක් මේ වන විටත් මියගොස් තිබේ. පුද්ගලයින් 5000කට වඩා සිර භාරයට ගෙන ඇති අතර ඉන් 4000ක් පමණ තවමත් හමුදා අංශ විසින් මාස ගණනක් තිස්සේ සිය භාරයේ රඳවාගෙන සිටියි.

Rate this item
(0 votes)
Last modified on Monday, 17 May 2021 14:26