April 28, 2024

සුකීට එරෙහි නඩු විභාගය සඳහා දින නියම වෙයි

මියන්මාරයේ සිවිල් පාලනය පසුගිය පෙබරවාරි මාසයේ 01 වෙනිදා එරට හමුදාව විසින් කුමන්ත්‍රණයක් මඟින් යටත් කරගත්තා.

එතැන් පටන් මියන්මාරය තුළ සිවිල් ජනතාව අතර සහ හමුදා පාලනය අතර ගැටුම් නිර්මාණය වී තිබෙනවා. මෙම ගැටුම්වලදී පුද්ගලයින් 850ක් පමණ මිය ගිහින් ඇති බවත් ලෝක මානව හිමිකම් සංවිධානයන් පවසා සිටිනවා.

මෙලෙස සිවිල් බලය යටත් කරගැනීමෙන් පසුව එරට සිවිල් රාජ්‍ය නායකයින් සියලු දෙනා නිවාස අඩස්සියට දැමූ අතර මියන්මාරයේ නායිකාව වන අවුන් සාන් සුකී ද ඒ අතර ඉන්නවා. 

දැන් සුකීට එරෙහිව නඩු විභාගයක් පවත්වන්නට මියන්මාර හමුදා පාලනය තීරණය කර තිබෙනවා. මෙම නඩු විභාගය එළැඹෙන සතියේ ආරම්භ කරන බවට හමුදා පාලනය විසින් සඳහන් කර තිබෙනවා.

සුකීට එරෙහිව හමුදා පාලනය විසින් ගොනු කර ඇති චෝදනා වන්නේ මහා මැතිවරණයේ වංචාවන් සිදු කිරීම, කොරෝනා පාලනය නොකිරීම, බලපත්‍ර රහිත වෝකි ටෝකි උපකරණයක් ළඟ තබා ගැනීම යන ඒවායි.

මෙම නඩු විභාගය ජූනි 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි. නඩු විභාගය සිදු කරන අධිකරණය අවට දැඩි හමුදා රැකවල් යොදා ඇති බවටද සඳහන් වෙනවා.

Rate this item
(0 votes)

Related items