April 26, 2024

පිලිපීන ඒකාධිපතිවරයාගේ පුතා ජනාධිපතිවරණයට

පිලිපීනයේ හිටපු ඒකාධිපතියාගේ පුත් ෆර්ඩිනන්ඩ් මාකෝස් ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා.

බොන්ග්බොං ලෙස ප්‍රසිද්ධ ෆර්ඩිනන්ඩ් මාර්කෝස්  සිය අපේක්ෂකත්වය පිළිබඳව ෆේස්බුක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් එක්කරමින් ප්‍රකාශ කළා.

වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ සගයෙකු වන 64 හැවිරිදි ඔහු "එක්සත් නායකත්වයක්" රටට ගෙන ඒමට පොරොන්දුවක් ද වී තිබෙනවා.

1986 දී ඔහු බලයෙන් පහ කරන තුරු ඔහුගේ පියා වසර 20 ක් පිලිපීනය පාලනය කළා.

පිලිපීනය යුද නීතියට යටත් කිරීමෙන් පසුව මාකෝස් සිය දෙවන ධුර කාලය අවසන් වීමට වසරකට පෙර 1972 දී ඒකාධිපති බලයෙන් පිලිපීනය යටත් කරගැනීමට සමත්වුණා.

සිය ඒකාධිපති බලය වැඩි කරමින් දේශපාලන ප්‍රතිවාදීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ අතර රටේ සියලු පාලනයන් සිය යටතට ගැනීමට කටයුතු කළා.

අවසානයේදී හමුදා පිටුබලය ලත් "ජන බලය" නැගිටීමෙන් ඔහුව බලයෙන් පහ කිරීමට කටයුතු කළ අතර ඔහුව 1989 දී හවායි හි පිටුවහල් කිරීමේදී මිය ගියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 08:48

Related items