April 24, 2024

ජනපති සිහිනය වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ පිලිපීන බොක්සිං තරුව ක්‍රීඩාවට සමුදෙයි

September 29, 2021

2022 වසරේ දී පිලිපීනයේ නව ජනාධිපතිවරයා වීමට අපේක්ෂාවෙන් සිටින ලෝක ප්‍රසිද්ධ පිලිපීන බොක්සිං ශූරයා වන මැනී පැකියෝ තමා බොක්සිං ක්‍රීඩාවට සමුදෙන බවට අද (29) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

තමාව දුප්පත්කමින් මුදාව ගත් ක්‍රීඩාවට සමුදීම තමන්ට දැඩි ශෝක ජනක අවස්ථාවක් බවද මැනී විසින් සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියා.

2010 වසරේ සිට පිලිපීන කොංග්‍රස් සාමාජිකයෙකු ව සිටින මැනී එරට වත්මන් ජනාධිපතිවරයා වන රොද්‍රිගෝ ඩුටර්ට්ගේ පක්ෂයෙන් නව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා විසින් උප ජනාධිපති ධූරය සඳහා තරඟ කරනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 16:10

Related items