April 23, 2024

චීන - පිලීපින අර්බුදයන් ඉහළට : “චීනය” කියන නම කියන්නත් පිලිපීනයේ තහනමක්

පිලිපීන කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් චීනයේ බලධාරීන් සමඟ පවතින අර්බුදයන් සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක නිරත වීමෙන් පසුව පිලිපීන ජනාධිපතිවරයා විසින් එරට කැබිනට් මණ්ඩලයට චීනය සම්බන්ධ අර්බුදයන් හෝ එවන් කිසිදු කාරණයක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම හෝ අදහස් පළ කිරීමේ තහනමක් පනවා තිබේ.

චීනය සමඟ ගැටුම් ඇති කරගැනීමට පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටර්ටේ මැලිකමක් දක්වන අතරේ ඔහුගේ ආරක්ෂක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යවරුන් විසින් චීනයේ නෞකා කිහිපයක් පිලිපීනයේ වැදැගත්ම මුහුදු කලාපයට අවසරයකින් තොරව ඇතුළු වීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන් අමතමින් පවසා තිබුණේ චීන අර්බුදය ගැන කතා කිරීම සම්බන්ධයෙන් තමා නියෝගයක් ලබාදෙන බවයි. ඒ අනුව කිසිවෙකුත් බටහිර මුහුදේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස පවසා තිබේ. එම අර්බුදය කතා කිරීමට අවශ්‍ය නම් පමණක් කැබිනට් මණ්ඩලය තුළ පමණක් කතා කරන ලෙසද ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.ෙ

මෙම ගැටුලව සම්බන්ධයෙන් කතා කිරීමට සහ විසඳීමට අවශ්‍යය කාරණයන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අවසර ලබාදී තිබුණේ එක් පුද්ගලයෙකු පමණක් වන අතර ඔහු ඩුට්රේට් ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් හැරී රොක් ය‍ෙ

ජනාධිපතිවරයා විසින් කිසිම අවස්ථාවක දකුණු චීන සාගරය යන මෙහිදී පවසා නොමැති වීම සුවිශේෂීත්වයක් වන අතර ඒ වෙනුවට පිලිපීනයේ සාගරයට කියනා සම්ප්‍රදායික වචනයක් භාවිත කර තිබේ.

Rate this item
(0 votes)