March 29, 2024

පිලිපීන ජනපතිගෙන් එරට රේගු නිලධාරීන්ට සැර ප්‍රකාශයක්

February 09, 2021

ලෝකයේ වඩාත්ම කතාබහකට ලක්වන ජනාධිපතිවරුන් අතරින් ඉදිරියෙන් සිටින ජනාධිපතිවරයෙකු ලෙස පිලිපීන ජනාධිපති රොද්‍රරිගෝ ඩුට්රේට් නැවත වරක් සමාජයේ කතාබහකට ලක්ව සිටියි.

ඒ ඔහු විසින් එරට රාජ්‍ය නිලධාරීන් හමුවේ කළ ප්‍රකාශයක් හමුවෙයි.

එරට කොරෝනා වසංගතය වැළැක්වීම සඳහා වූ කාර්ය සාධක බලකාය අමතමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ කිසිදු නිලධාරියෙකු කොරෝනා ප්‍රතිශක්තිකරණ එක එන්නතකට හෝ අත තබා නොතබන ලෙසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණේ එරට රේගු නිලධාරීන් අමතමින් වන අතර එහිදී ඔහු පවසා තිබුණේ රේගු නිලධාරීන්ගේ රාජකාරිය නිරීක්ෂණය කිරීම බවයි. එමෙන්ම කිසිම දෙයක් විවෘත කර බැලීම නොවන අතර එය කිරීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම ජනාධීපතිවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ තමන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී එලෙස කිසිදු දෙයක් විවෘත කර බැලීමට ඉඩ නොදෙන බවයි.

ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබුණේ රේගු පරික්ෂාවන් හේතුවෙන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ජනතාවට ලබා දීමට ප්‍රමාද වන බවට වාර්තා වීමත් සමඟයි. 

ජනාධිපතිවරයා විසින් එහිදී සඳහන් කර තිබුණේ අඩු සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානයන් සහ නිලධාරීන් අවම නගරයන් සඳහා ආරක්ෂිතව සහ ඉක්මණින් එන්නත් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු කරන ලෙසයි.

එමෙන්ම තමන් විසින් පනවන නීතිවලට අවනත වන ලෙසද ඔහු එහිදී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණි.

පිලිපීනය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මේ වන විට එන්නත් 117,000ක් පිලිපීනය වෙත ලබාගෙන තිබේ.

Rate this item
(0 votes)

Related items