May 08, 2024

අනුමැතිය නොලද චීන එන්නත පිලිපීනය ආපසු හරවා යවයි - ජනපති ජාතියෙන් සමාව අයැදී

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුට්රේට් විසින් එරට චීන තානාපති කාර්යාලය වෙත පණිවිඩයක් යවමින් අනුමැතිය නොලැබුණු චීන එන්නතක් වන සීනෝෆාර්ම් එන්නත් මාත්‍රා 1000 නැවත බාරගන්නා ලෙස පවසා තිබේ

එමෙන්ම ඔහු එම පණිවිඩය තුළින් චීන තානාපතිවරයාට දන්වා ඇත්තේ නැවත කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් එවන වටි සීනෝවාක් එන්නත් පමණක් භාවිතය සඳහා එවන ලෙසයි.

පිලිපීනය තුළ තවමත් සිනෝෆාර්ම් එන්නන ප්‍රතිකාර වශයෙන් භාවිත කිරීම සඳහා අවසර ලබාදී නොමැත.

මෙම සිනෝෆාර්ම් සහ සීනෝවාක් එන්නත් ද්වීත්යම ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම සතිය තුළ එයට වෛද්‍ය භාවිතය සඳහා අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයා විසින් සීනෝෆාර්ම් මාත්‍රාව ලබාගෙන තිබුණු අතර ඔහු විසින් සඳහන් කර සිටියේ තමන්ගේ වෛද්‍යවරුන්ගේ දැඩි බලපෑම මත තමන් විසින් එම එන්නත ලබාගත් බවයි.

ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ තමා එන්නත ගත් ආකාරයට වෙන අයට නොගන්නා ලෙසයි. ඔහු විසින් එයට හේතුව ලෙස ප්‍රකාශ කර තිබුණේ කිසිදු ආකාරය අධ්‍යනයකින් තහවුරු කර නොමැති එන්නතක් ලබාගැනීම ශරීරයට භයානක විය හැකි බවයි. 

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ එම අනුමැතිය නොලද එන්නත ලබාගන්නා එකම පිලිපීන ජාතිකයා තමන් පමණක් වනු ඇති බවයි.

සිනෝෆාම් එන්නත හට කිසිදු අනුමැතියක් තවමත් හිමි නොවී ඇති බැවින් එය භාවිතයට ගෙන සෞඛ්‍ය ගැටලු ඇතිවීමට පෙර ඉවත් කරගන්නා බවටද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

දැනට පිලිපීනය තුළ අනුමැතිය ලැබී ඇත්තේ ඇස්ට්‍රෙසෙනෙකා සහ සිනොවාක් එන්නත් දෙක සඳහා පමණි.

Rate this item
(0 votes)

Related items