March 29, 2024

රොද්‍රිගෝට උප ජනපතිකම - බොක්සිං තරුවට ජනපති ධූරය! පිලිපීනයේ අමුතුම වෙනස

September 20, 2021

ලබන වසරේ පිලිපීනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට ලෝක ප්‍රසිද්ධ පිලිපීන බොක්සිං තරුව වන මනී පැකියෝ විසින් පවසා තිබෙනවා.

ඔහුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට යන්නේ පාලක පක්ෂය වන පිඩීපී-ලාබන් විසිනි. වත්මන් ජනාධිපති රොද්‍රිගෝ ඩුට්රේට් එම පක්ෂයේ සභාපතිවරයා වීමද විශේෂත්වයක්.

42 වෙනි වියේ පසුවන මනී මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

වත්මන් ජනාධිපතිවරයා හට නැවත වරක් ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට ඇති අවස්ථාවට තහනමක් පනවා ඇති බැවින් ඒ නිසාම ඔහු උප ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙය බලය රැක ගැනීම සඳහා කරන උපායක් බවටද දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්වා.

විවිධ බර කාණ්ඩ කිහිපයක් යටතේ ලෝක බොක්සිං ශූරතාවය හිමි කරගත් මනී පැකියෝ පවසා ඇත්තේ තමන් බොක්සිං වළල්ල තුළ මෙන්ම ඉන් පිටත සටන්කරුවෙකු බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 20 September 2021 08:16

Related items