April 24, 2024

පිලිපීන ඉතිහාසයේ දරුණුම යුද ගුවන් අනතුරින් 45කට දිවි අහිමි වෙයි (PHOTOS)

පිලිපීන ගුවන් හමුදා භට පිරිසක් රැගෙන යමින් සිටි ලොක්හීඩ් සී -130 ප්‍රවාහන යානය 96 දෙනෙකු සමඟ පිලිපීනයේ දකුණු දෙසට වෙන්න කඩා වැටී තිබෙනවා.

මෙම භට පිරිස කැරලි මර්දන මෙහෙයුම සඳහා යමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

ගුවන් යානය අනතුරට පත් වීමට පෙර පිලිපීනයේ ජොලෝ ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කර තිබුණා, නමුත් ධාවන පථයට යානය ගොඩ බැස්වීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

යානය එම මාර්ගයේ ම ඉදිරියට ගොස් ඇති අතර නැවත ඉහළ ගැනීම සඳහා යානයට ප්‍රමාණවත් තරම් බලයක් නොතිබී ඇති අතර පසුව එය ගුවන් තොටුපොළ අසල තිබෙන පටිකුල් නම් ප්‍රදේශයට කඩා වැටී පුපුරා ගිනි ගෙන විනාශ වී තිබුණා.

යානය කඩා වැටෙන්නට පෙර සමහර හමුදා භටයන් විසින් ගුවන් යානයෙන් පැන දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස පැන්න හමුදා භටයන් පිරිස කොපමණද, ඔවුන් දිවි ගලවා ගත්තාද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

දැනට ආරංචි මාර්ග සඳහන් කර ආකාරය අනතුරින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා. පිලිපීන යුද ඉතිහාසයේ වසර 30කට පසුව සිදු වූ විශාලතම අනතුර මෙය බවද වාර්තා වෙනවා.

එම සිදුවීමේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)

Related items