April 26, 2024

පිලිපීන ජනතාව එන්නත නොගත්තොත් වෙන දේ මෙන්න

ලෝකයේ බොහෝ රටවල් තම රටේ ජනතාවට කොරෝනා එන්නත ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා බියර්, කංසා සහ ලොතරැයි දිනුම් ඇදීම් වැනි දේවල් සිදු කරමින් ඉන්න අතර වාරයේ පිලිපීන ජනාධිපතිවරයා විසින් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කිරීමට තීරණය කර තිබෙනවා.

එහිදී පිලිපීන ජනාධිපතිවරයා විසින් රටේ ජනතාව වෙත තෝරා ගැනීම් දෙකක් ලබාදී තිබෙන අතර ඉන් එකක් වන්නේ එන්නත විද ගැනීමයි. එන්නත විද ගැනීමට අකමැති පිරිස් හට ලබාදී ඇති තෝරා ගැනීම වන්නේ සිරගත වීමයි.

පිලිපීලනය තුළ මේ වන විට කොවිඩ්-19 ආසාදිත රෝගීන් මිලිය 1.9ක් සිටින අතර මරණ 23,000ත් වාර්තා වෙලා තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් විසින් රටේ ජනතාවට එන්නත් ලබාගැනීමේ වාසිය මෙන්ම ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරමින් සිටියත් මැනිලාහී පිහිටි ප්‍රධාන එන්නකරණ මධ්‍යස්ථානය පැමිණ ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. 

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ ජනාධිපතිවරයා විසින් අදහස් පළ කරන අවස්ථාවේ කියා සිටියේ පිලිපීන ජනතාව රටේ අර්බුදයක් ඇතිව තිබෙන අවස්ථාවක රජයේ නියෝගයන්ට අවනත නොවීම පිළිබඳව තමන් දැඩි කෝපයෙන් සිටින බවයි. 

එමෙන්ම රටේ ජනතාව වෙත ඔහු පවසා තිබුණේ ජනතාවට තෝරා ගැනීමට අවස්ථා දෙකක් ඇති බවත් එය එන්නත විද ගැනීම හෝ සිර ගත වීම බවත් ජනාධීපතිවරයා පවසා සිටියා.

පිලිපීන ජනාධිපතිවරයා දැඩි තීන්දු තීරණ ගන්නා නායකයෙකු ලෙස ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියකට පත්ව සිටින අයෙකුද වෙනවා.

Rate this item
(1 Vote)

Related items