April 24, 2024

පුද්ගලයින් 11 දෙනෙකුට චෝදනා එල්ල වුණු සුරූපී ගුවන් සේවිකාවගේ අභිරහස් මරණයේ කතාව

ක්‍රිස්ටීන් ඇන්ජලිකා ඩසෙරා යනු 23 වන වියේ පසු වූ ගුවන් සේවිකාවකි. ඇය සිය මිතුරන් අතර "ඉකා" නමින් ප්‍රසිද්ධව සිටියාය.

ක්‍රිස්ටීන් හිටි හැටියේම ලෝකය තුළ කතාබහකට ලක්වීම ආරම්භ වන්නේ ඇය නව අවුරුදු උදාවත් සමඟ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී හමුවීමත් සමඟයි.

ක්‍රිස්ටීන් පසුගිය ජනවාරි 01 වැනිදා ඇයගේ හොටෙල් කාමරයේ නාන කාමරයේ බාත් ටබ් එක තුළ මියගොස් සිටියදී ඇයගේ මිතුරෙකු විසින් සොයාගනු ලැබීය.

ක්‍රිස්ටීන්ගේ මිතුරෙකු වන ගැලිඩෝ නම් තරුණයා විසින් නව අවුරුදු උදාව රාත්‍රී කාලය පුරාවටම සැමරීමෙන් පසුව උදෑසන 10ට පමණ අවදිව ඇති අතර ඔහු නිදිමතින් නාන කාමරය වෙත ගොස් ඇති අතර එහිදී සිය මිතුරිය බාත් ටබ් එක තුළ සිටිනවා දැක තිබේ.

ඔහු විසින් ඇය නිදා සිටිනවා යැයි සිතා බ්ලැන්කෙට් එකකින් පොරවා නැවත ගොස් නිදාගත් බව සඳහන් වෙයි.

නමුත් ඔහු නැවත අවදි වී බලන අවස්ථාවේදී ඇය එලෙසම සිටි තිබෙන අතර ඇය නිල් පැහැයට හැරී සිටි බවටද ඔහු පොලිස් පරික්ෂණවලදී පවසා තිබුණි.

ඇය නැවතී සිටි හෝටලයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ඇයට කෘතිම ශ්වසනය ලබා දීමට කටයුතු කළත් ඇයගෙන් ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඇයව රෝහල් ගත කිරීමට කටයුතු යොදා තිබුණි.

එහිදී ඇය මියගොස් සිටි බවට වෛද්‍යවරුන් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඇයගේ මෙම හදිසි මරණය අභිරහසක් වූ අතර ඇයගේ මරණය පිළිබඳව පොලිස් පරික්ෂණයන්ද වහා ආරම්භ කර තිබුණි.

එමෙන්ම මරණ පරික්ෂණයේ දී ඇයගේ කලවා පෙදෙස් සහ දණහිසේ කැපුම් තුවාල සහ සිරීම් සලකුණු තිබුණු බව අනාවරණය වූ අතර ඇයව දුෂණය කරන්නට ඇති බවටද සැක පළ වී තිබේ.

පිලිපීනයේ ඇය නැවතී සිටි හෝටලය පිහිටි නගරය වන මකාති නගරයේ පොලිස් නිලධාරීන් විසින් මේ වන විටත් පුද්ගලයින් 11 දෙනෙකුට කාන්තා දූෂණ චෝදනා සහ මිනීමැරීමේ චෝදනා යටතේ නඩු ගොනු කර තිබේ.

එමෙන්ම හෝටලයේ සීසීටීවි දර්ශන පරික්ෂා කිරීමේදී ඇය විසින් අලුයම් කාලයේ පුද්ගලයෙකු සමඟ ගමන් කරනු දක්නට ලැබුණු බවත් සිදුවීම වන දිනයට පෙර ඇය විසින් යාබද නගරවල හොටෙල් කාමර 02ක කාලය ගත කර තිබුණු බවට හෙළි වී තිබේ.

නමුත් මෙම පරික්ෂණයේ දී පුද්ගලයින් තිදෙනෙකු වටා චෝදනා ගොනු වූ අතර ඔවුන් තිදෙනාම ක්‍රිස්ටීන්ගේ මිතුරන් විය.

නමුත් මෙම පරික්ෂණය නොසිතු දෙයක් දෙසට හැරෙන්නේ මෙම චෝදනා එල්ල වූ පුද්ගලයින් තිදෙනා තමන් සමලිංගිකයන් බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් ඇතිව තිබේ.

නිවැරදි අපරාධකරුවන් සොයා ගැනීම සඳහා මේ වන විටත් නැවත වරක් පරික්ෂණ ආරම්භ කර ඇති බවටද පිලිපීන පොලීසිය පවසා තිබේ.

Rate this item
(0 votes)

Related items