May 15, 2021

“මම මිනීමැරුවාට වංචා, දුෂණ, සොරකම් කරලා නැහැ” - පිලිපීන ජනපති ජනතාව ඉදිරියේ කිව්ව කතාව

තමන්ට ඇත්තේ නීති විරෝධි ඝාතන පිළිබඳව චෝදනා පමණක් බවත්, ජනතා මුදල් සොරකම් කිරීම් වංචා කිරීම් සහ දුෂණ ක්‍රියා සඳහා කිසිදු චෝදනාවක් නොමැති බවත් පිලිපීන ජනාධිපතිවරයා වන රොද්‍රරිගෝ ඩුට්රේට් විසින් පවසා සිටියි.

ඔහු මේ බව කියා තිබුණේ එරට කොමියුනිස්ට් විරෝධී කාර්ය සාධක බලකාය අමතමිනි.

තමන්ගේ ආණ්ඩුව පරිපූර්ණ ආණ්ඩුවක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය.

පිලිපීන ජනාධීපතිවරයා හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නඩු විභාගවලින් තොරව මරා දැමීම මෙන්ම කොමියුනිට්ස් කැරලිකරුවන් මරා දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් චෝදනා බොහෝ ලෙස එල්ල වී තිබේ.

සිය කාර්ය සාධක බලකාය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ “ඔවුන්ව මරන්න, මරා දමන්න… ඔවුන්ව අවසන් කරන්න, ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ පවුල් වෙත ආපසු භාර දෙන්න.” යනුවෙනි.

එමෙන්ම කොමියුනිට්ස් වාදීන්ට දැඩි ප්‍රකාශයක් කරමින් ජනපති ඩුට්රේට් පවසා සිටියේ "ඔබ සැවොම කොල්ලකරුවන් ය. ඔබට දෘෂ්ටිවාදයක් නොමැත." යනුවෙනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ චීනය සහ රුසියාව තුළත් අද වන විට කොමියුනිට්ස්වාදය නොමැති බවත් ඔවුන් ධනවාදය අනුගමනය කරමින් සිටින බවත්ය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කොමියුනිට්ස් වාදය ඵල රහිත දෙයක් බවත් එය ලෝකයෙන් වඳ වී ගොස් ඇති බවත්ය.

Rate this item
(0 votes)