May 06, 2024

දැවැන්ත පාඩුවකින් පසු රොනල්ඩෝගේ ක්‍රියාවට සුප්‍රසිද්ධ බීම සමාගමෙන් ප්‍රතිචාර

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් ඊයේ (15) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී සුප්‍රසිද්ධ බීම සමාගමකට අයත් බීම බෝතල් දෙකක් මාධ්‍ය ඉදිරියේ ඉවත් කොට වතුර බෝතලයක් ගෙන වතුර බොන ලෙස ප්‍රකාශ කර තිබුණා.

මෙම සිදුවීම එදින ලෝකයේ සියලු මාධ්‍ය තුළින් වාර්තා වූ අතර ලෝකයේ ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ විසින් සිදුකළ මෙම ක්‍රියාව ලෝකය පුරාවටම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරන්නත් සමත් වුණා.

සමාගමට සිදු වු දැවැන්ත පාඩුව

ඊයේ එම සිදුවීමෙන් පසුව අද (15) දිනයේ ජාත්‍යන්තර මාධ්‍ය බොහෝමයක් මෙම සුප්‍රසිද්ධ බිම නිෂ්පාදන සමාගම පිළිබඳව පුවතක් වාර්තා කර තිබුණේ මේ වන විට එම සමාගමට අයත් කොටස් වේගයෙන් පහත වැටෙමින් ඇති බවටයි.

ඒ අනුව “ද ගාඩියන්” විසින් වාර්තා කර ඇති අන්දමට මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක අලාභයක් සිදුව තිබෙනවා.

එම බීම සමාගමේ කොටසක් ඇමෙරිකානු ඩොලර් 56.10 සිට ඩොලර් 55.22ක් දක්වා පහත වැටී තිබෙනවා. රොනල්ඩෝගේ ක්‍රියාව නිසා කොටසක මිල ඩොලර් 1.6කින් පහත වැටී ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ. සමාගමේ සම්පුර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනන 242 සිට බිලියන 238 දක්වා පහත වැටී තිබෙනවා.

රොනල්ඩෝට සමාගමෙන් පිළිතුරු

ලෝක පාපන්දු ශූරතාවයට පෙර පවත්වනු ලබන යුරෝ 2020 පාපන්දු තරඟාවලියේ නිල අනුග්‍රහකයෙකු වන මෙම බීම සමාගම විසින් රොනල්ඩෝ ක්‍රියාව සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සියලුම පාපන්දු ක්‍රීඩකයන් සඳහා රුචි අරුචිකම් තිබෙනවා කියලයි. ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුනට පානය සඳහා අවශ්‍ය දේ ලබාගත හැකි බවද එම සමාගම විසින් පවසා තිබුණා.

යුරෝ 2020 සංවිධාකයින් විසින් පවසා තිබුනේ ඔවුන් විසින් පවත්වනු ලබන පුවත්පත් සාකච්ඡාවන් සඳහා පැමිණෙන ක්‍රීඩකයන් හට ඔවුන් විසින් වතුර බෝතලයක් සහ බීම බෝතලයක් ලබාදීම සිදුකරන බවයි.

රොනල්ඩෝ බහු ජාතික සමාගමට බලපෑමක් කළේ කොහොමද?

රොනල්ඩෝ හට මෙතරම් විශාල සමාගමක කොටස් වෙළෙඳ අගය පහත හෙළීමට තරම් හැකියාව පිළිබඳව මෙම සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

නුතන පොප් සංස්කෘතියේ පාපන්දු සලකුණක් මෙන්ම ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවේ සලකුණක් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට මිලියන 300කට අධික රසිකයන් පිරිසක් සිටිනවා. මෙම පිරිසයෙන් අති බහුතරයක් රොනල්ඩෝව අදහන බවද සමහර පිරිස් විසින් සමාජ මාධ්‍ය තුළ පවසා තිබුණා. ඒ හේතුව නිසාම සමාගමට මෙම දැවැන්ත පාඩුව සිදුවන්නට ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ

කෙසේ වෙතත් තවත් පිරිසක් සඳහන් කර තිබුණේ රොනල්ඩෝ විසින් 2006 වසරේ දී එම සමාගමේ ම වෙළෙඳ දැන්වීමක පෙනී සිටි බවයි.

Rate this item
(7 votes)

Related items