May 06, 2024

රෝහලෙන් ගෙදර ආ පේලේ ලොකු තරගයකට සූදානම්

September 16, 2021

එඩ්සන් අරන්ටොස් ඩොනසිමෙන්ටො මෙහෙම කිවුවට ඔහු කවුද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඒ තමයි ලෝකේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වන පේලේගේ සැබෑ නම.

යලි ලොව අවධානය

පේලේ ගැන මුළු ලෝකයේම අවධානය දැන් යළිත් යොමු වෙලා.

ඒ ඔහු මුහුණ දුන් දැඩි අසනීප තත්ත්වයෙන් මිදීම නිසා.

මේ වන විට 80 හැවිරිදි වියේ පසුවන පේලේ පසුගිය දිනවල ඉතා බරපතළ සැත්කමකට මුහුණ දුන්නා.

රෝහලෙන් පිටව යෑම

පසුගිය අගෝස්තු 31 වැනිදා සිට පේලේ සිටියේ මෙම දැඩි රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ.

පේලේ දැන් එම රෝගී තත්ත්වයෙන් යම් සුවයක් ලබා සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

පේලේ තමාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ ගැන සටහනක් තබමින් සිය ක්‍රීඩාලෝලීන්ට දුන් සහායට ස්තූතිය පළ කර තිබෙනවා.

තැබූ සටහන

එම සටහන ඔහු අවසන් කර තිබෙන්නේ මෙන්න මෙහෙමයි.

'මම හැම දිනකම සතුටින් ජීවත් වෙන කෙනෙක්.හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ගියාට පසු මට තරඟයේ විනාඩි අනුවත් ක්‍රීඩා කරලා තව අතිරේක වෙලාවකුත් ක්‍රීඩා කරන්න පුළුවන් බව දැන් නැගෙනවා."

තුන් වතාවක ජයග්‍රහකයා

පේලේ බ්‍ර්සීල ජාතික පිල නියෝජනය කරමින් තුන් වතාවක් ලෝක පාපන්දු කුසලානයට උරුමකම් කිව්ව ඉකුත් සියවසේ බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන්  කෙනෙක්.

අනිත් විශිෂ්ඨයා ලෙස සැලකෙන්නේ ආජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 01:17

Related items