April 27, 2024

සංගක්කාරගේ වාර්තාවක් ස්මිත් ඩැහැ ගනී

ටෙස්ට් ලකුණු 8000 සීමාව කරා අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ළඟා වූ ක්‍රීඩකයා බවට පත් වන්නට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීවන් ස්මිත් අද (24) සමත් වුණා.

ස්මිත් ලකුණු 8000 කඩයිම කරා ළඟා වීමට වැය කර තිබුණේ ටෙස්ට් ඉනිම 151ක් පමණයි.

මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියුවේ, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාරයි.

ඔහුට ලකුණු 8000 සීමාව කරා ළඟා වීමට ටෙස්ට් ඉනිම 152ක් වැය වී තිබුණා.

ස්ටීව් ස්මිත් මෙම සීමාව පසු කළේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී යි.

පකිස්ථානයේ ලාහෝර් - ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ස්ටීවන් ස්මිත් ලකුණු 17කට දැවී ගියා.

මේ දක්වා ටෙස්ට් තරග 85කට සහභාගී වී ඇති ස්ටීවන් ස්මිත් එහිදී ලකුණු 8010ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 60.10ක සාමාන්‍යයක් රඳවා ගනිමින්.

ඔහු ඉදිරියේ ලියැවී ඇති ටෙස්ට් ශතක සංඛ්‍යාව 27ක්.

Rate this item
(0 votes)