March 29, 2024

ඉන්දීය ක්‍රිකට් නායකයා ලොකු අමාරුවක: මුම්බායි ඉන්දියන්ස් පරාජිත ගමනක

මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම බරපතළ පසුබෑමකට ලක්ව තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ටද වඩා සමීප කණ්ඩායමක් වූයේ සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග දශකයකට වඩා කාලයක් එම කණ්ඩායම නියෝජනය කළ නිසා.

තරඟ පරාජය

IPL කුසලානය වැඩිම වාර ගණනක් දිනා ඇති මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දැන් පැවැත්වෙන තරඟාවලියේ සහභාගි වූ තරග 4 න්ම පරාජය ලබා තරග ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසු වනවා.

ඔවුනට පිටුපසින් අන්තිම ස්ථානයේ එනම් 10 වැනි ස්ථානයේ සිටින්නේ තවත් ප්‍රබල කණ්ඩායමක් වූ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි.

මුම්බායි ඉන්දියන්ස් මෙම පරාජයන් වඩාත් කැපී පෙනෙන්නේ එම කණ්ඩායමේ නායකත්වය නව ඉන්දීය ජාතික ක්‍රිකට් නායකයා වන රෝහිත් සර්මා විසින් දැරීම නිසයි.

ජාතික කණ්ඩායමේ නායකයා

ඔහු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස පත් කළේ මීට ටික කලකට පෙර.

ඒ විරාත් කෝලි වෙනුවට.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තවමත් තරග ජයග්‍රහණය කිරිම සඳහා ක්‍රීඩා කළ යුතු සුදුසුම ක්‍රීඩකයන් 11 දෙනා තෝරා ගැනීමට නොහැකිව තිබෙන බවයි ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දරන්නේ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයකු ලෙස සැලකෙන මුකේෂ් අම්බානි මහතාගේ පුත්‍රයායි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 14:41