April 20, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ලෙස තවත් අසාර්ථක සුද්දෙක් ගෙන එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස යළිත් වතාවක් විදේශිකයෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්.

හිටපු පුහුණුකරු

එසේ පත් කොට තිබෙන්නේ හිටපු එංගලන්ත පුහුණුකරු වූ ක්‍රිස් සිල්වර්වුඩ්වයි (CHRIS SILVEREOOD).

ඒ වසර දෙකක කාලයක් සඳහා.

එළඹෙන මැයි මස සිදු වන බංගලදේශ සංචාරය මුල් කොටගෙන ඔහු සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

අන්ත පරාජය

එංගලන්ත ජාතික කණ්ඩායම වේග පන්දු යවන්නෙකු ලෙස නියෝජනය කර ඇති ඔහු ඉකුත් පෙබරවාරි මස එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කළා.

ඒ එංගලන්තය , ඔස්ට්‍රේලියාව සමග ඕස්ට්‍රේලියාවේ පැවති අළු බඳුන (ASHES) තරඟාවලියේදී එංගලන්තයෙන් ලැබූ අන්ත පරාජය නිසා.

ටෙස්ට් තරග පහකින් යුත් එම තරගාවලිය එංගලන්තය 4 - 0 ලෙස පරාජය වූ අතර එක් ටෙස්ට් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කළා.

ජාත්‍යන්තර තරග වාර්තාව

ඉකුත් දෙසැම්බරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් (MICKEY ARTHUR) ඉවත්ව යාමත් සමග මේ වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමට නිත්‍ය පුහුණුකරුවෙක් සිටියේ නැහැ.

සිල්වර්වුඩ් 47 වැනි වියේ පසුවන අතර ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 6 ට සහභාගී වී කඩුළු 11 ක් ලබාගෙන තිබෙනවා.

ඒ හැරුණු කොට එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 7 කට සහභාගි වී කඩුළු 6 ක් ලබාගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 14:36