April 27, 2024

"අයියේ මෙයා අල්ලගන්න" : අන්ත පරාජය ගැන ඇහුවම වේග පන්දු යවන්නාට යකා නගි

ඉන්දියාව සමග ටෙස්ට් තරග 2 කට සහභාගි වීමට ඉන්දියාවට ගිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම යළි මෙරටට පැමිණ තිබෙනවා.

එහිදී වේග පන්දු යවන සුරංග ලක්මාල් හා කටුනායක ගුවන්තොටුපල තුළ සිටි සිවිල් පුරවැසියකු සමග යම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.

ක්‍රීඩකයාට අප්‍රසාදය

ඒ එම පුද්ගලයා ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබූ ඉන්දීය ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය සුරංග ලක්මාල්ට ප්‍රකාශ කිරීම හේතු කොටගෙන.

"අයියේ මෙයා අල්ලන්න.මෙයා තමයි කිව්වේ නිකන් සල්ලි නාස්ති කරනවා කියලා." යයි එහිදී සුරංග ලක්මාල් ගුවන්තොටුපල ආරක්ෂකයින් අමතා සඳහන් කරන වීඩියෝ පටයක්ද මේ වන විට සමාජගත වී තිබෙනවා.

මේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය සුරංග ලක්මාල්ගෙන් විමසූ අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

සාමාන්‍ය දෙයක්

"ඒක සාමාන්‍ය දෙයක්.එක පුද්ගලයකුගෙන් ප්‍රශ්නයක් ආවා.ඒ පුද්ගලයා මගේ මූණටම කිව්වා.මමත් ඒකට උත්තර දුන්නා.ඕවා සාමාන්‍ය දේවල් තරඟයක් පරදින කොට එක විදියක් තරඟයක් දිනන කොට තව විදිහක්.ඒක අපි තේරුම් ගන්න ඕන."

"එක එක පුද්ගලයෝ එක එක විදිහයි.සමහරු ප්‍රශංසා කරනවා.ක්‍රීඩකයෝ විදිහට අපිට ඒවා දරාගන්න පුළුවන් වෙන්න ඕන.මම ඒ පුද්ගලයට ඒ දේ තේරුම් කරා.එච්චරයි එතනින් එහාට දෙයක් නැහැ."

සුරංග ලක්මාල් අවසන් වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.

ලෝක ශූරතා තරග

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ පැවැති ටෙස්ට් තරග 2 ම ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලැබුවේ දින තුනක් ඇතුළත ටෙස්ට් තරග 2 ම අවසන් කරමින්.

මෙම ටෙස්ට් තරගාවලිය පැවැත්වුණේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයන් ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 March 2022 15:14