April 19, 2024

ඊයේ අවසන් වූ වාර්තා පිට වාර්තා තැබූ පළමු පෙළ තරගය: එක පිලක් ලකුණු 880 ක් ගහයි

ඉන්දියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන රංජි කුසලාන තරඟාවලිය මේ වන විට පැවැත්වෙනවා.

ඊයේ (16) අවසන් වූ ජාර්ක්හාන්ඩ් හා නාගලන්තය අතර තරගය වාර්තා පිට වාර්තා තැබූ තරගයක් වුණා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා

මින් ජාර්ක්හාන්ඩ් කණ්ඩායම ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි නියෝජනය කළ පළමු පෙළ කණ්ඩායම වනවා.

එම තරඟයේදී කාසියේ වාසිය දිනූ නාගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ජාර්ක්හාන්ඩ් කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී ඔවුන් සිය පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 880 ක්.

පන්දු ඕවර 203 පන්දු 4කදී ඔවුන් එම ලකුණු සංඛ්‍යාව රැස් කළා.

ද්විත්ව ශතක හා ශතක

එම ලකුණු සංඛ්‍යාවට ද්විත්ව ශතක 1ක් ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් ඇතුළත්.

කුමාර කුස්හර්ගා ලකුණු 266 ක් , ෂාභාස් නදිම් ලකුණු 177 ක් , විරාත් සිං ලකුණු 107 ක් රැස්කරමින් ශතක ලාභීන් බවට පත්වුණා.

සිය පළමු ඉණිම ක්‍රීඩා කළ නාගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 289 ක් පමණයි.

යළිත් ඔවුන්ට දෙවෙනි ඉනිම සඳහා පහර දීමට ආරාධනා කිරීමට අවස්ථාව තිබුණද ජාර්ක්හාන්ඩ් කණ්ඩායම යළිත් යළිත් පන්දුවට පහරදීමට තීරණය කළා.

තීරණයට හේතුව  

ජාර්ක්හාන්ඩ් කණ්ඩායම එසේ සම්පූර්ණ ජයක් බලාපොරොත්තුවෙන් ක්‍රීඩා නොකළේ මේ වන විටත් ඔවුන් සිටින කාණ්ඩයේ මුල්තැන ඔවුන්ට හිමිව තිබෙන නිසා.

ඒ අනුව එම කණ්ඩායම මීළඟ වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේදී තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 417 ක් ලබා ගත්තා.

මාර්තු 12,13,14,15,16 යන දින 5 තුළ පැවති මෙම තරගය අවසන් වූයේ ජාර්ක්හාන්ඩ් කණ්ඩායමට පළමු ඉනිමේ ජය පමණක් ලබාදෙමින්.

මෑත කාලයේ ලොව කිසිදු රටක පළමු පෙළ ක්‍රිකට්  තරගාවලියකදී මෙවැනි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අවස්ථාවක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 March 2022 22:05