April 27, 2024

ශ්‍රී ලංකා සුපිරි තරුවට අවාසනාවන්ත ඉරණමක්

February 15, 2022

ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියන් ක්‍රීඩක වනිඳු හසරංග හට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ තවත් තරග 03ක් ඉතිරිව තිබිය දී යි.

මේ අනුව හසරංග හට මෙම තරගාවලියේ ඉදිරි තරග අහිමිවනු ඇති.

හසරංග වෙනුවට අද තරගයට ජෙෆ්රි වැන්ඩසේ කැඳවීමට නියමිත බව ද ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවට පීඩනයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රබලතම තුරුම්පුව වන්නේ වනිඳු හසරංග යි.

පළමු තරගයේ දී කඩුළු තුනක් ලබා ගත් ඔහු දෙවැනි තරගයේ දී කඩුළු දෙකක් දවා ගත්තා.

මෙම තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුළු ලාභියා ලෙස සිටින්නේ ද ඔහු යි.

එමෙන්ම මෙවර IPL වෙන්දේසියේ දී ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 29කට ආසන්න මුදලකට අලෙවි වූවා.

වනිඳු හසරංග හට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් වෛරසය පැතිර යන පසුබිමක යි.

මීට පෙර නුවන් තුෂාර, චාමික කරුණාරත්න යන අයට කොවිඩ් ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හට කොවිඩ් ආසාදනය වූ අතර එම නිසා ඔහුට පළමු තරග දෙක අහිමි වී ගියා.

පළමු තරගයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ද ආසාදිත බවට හඳුණාගැනීමත් සමග ඔහුට ද ඉදිරි තරග අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකිනෙකා මේ ආකාරයෙන් ආසාදිත බවට හඳුණාගනිමින් සිටිය දී මෙම තරගාවලියට එක්ව සිටින අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් යම් අවදානමක සිටින්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

මෙම තරගාවලියේ තෙවැනි තරගය අද සවස 1.40ට ආරම්භ වීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 February 2022 11:34