March 28, 2024

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් - හේතුව ක්‍රීඩකයෙක් (PHOTOS) Featured

February 22, 2022

ඉන්දියාවට එරෙහිව ලක්නව්හිදී මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින් ක්‍රීඩාලෝලීහූ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (22) විරෝධතාවයක නිරත වුණා.

"භානුකට සාධාරණය ඉටු කරනු", "ඇග බැලුවනන් 96 අර්ජුනත් නෑ වර්ල්ඩ් කප් එකත් නෑ" සහ "ක්‍රීඩා ඇමතිතුමනි භානුක වෙනුවෙන් සාධාරණය ඉටුකරනු" ලෙස සඳහන් පුවරු පුදර්ශනය කරමින් එහිදී ක්‍රීඩා ලෝලීහූ විරෝධතාවයක නිරත වුණේ.

විරෝධතාකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියකු සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව පැවසුවත් නිලධාරීන් කිසිවෙක් අද දිනයේ නොමැති බව ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙනවා.

ශරීරියේ මේද ප්‍රමාණය මැනීමේ පරීක්‍ෂණයෙන් භානුක රාජපක්‍ෂ අසමත් වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළා.

Rate this item
(1 Vote)