April 26, 2024

පිටිය මැද සිහිසුන්ව ඇද වැටුණු ඩෙන්මාර්ක් පාපන්දු තරුවගෙන් පණිවිඩයක්

ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීම සඳහා පවත්වනු ලබන යුරෝ පාපන්දු තරඟාවලියේ ඩෙන්මාර්ක් සහ ෆින්ලන්තය අතර තරගයේ දී හදිසියේම සිහිසුන්ව ඇද වැටුණු ඩෙන්මාර්ක් පාපන්දු තරුව වන ක්‍රිස්ටින් එරික්සන් විසින් පාපන්දු ලෝලීන් වෙත පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදී සිය ඉන්ස්ටග්‍රෑම් ගිනුම වෙත ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් එකතු කරමින් සඳහන් කර තිබුණේ තමන් හොඳින් සිටින බවයි.

එමෙන්ම ලෝකය පුරාවටම සිටින සියලු පාපන්දු ලෝලීන්ගේ සුබ පැතුම්වලට තමන් ස්තූතිවන්ත වෙන බවද ඔහු සඳහන් කර තිබුණා. එම පණිවිඩ තමන්ට තමන්ගේ පවුලේ අයටත් ලොකු ශක්තියක් වූ බවද ක්‍රිස්ටින් පවසා තිබුණා.

තමන් දැන් හොඳින් සිටින බවත් නමුත් රෝහලේ දී විවිධ පරික්ෂණ සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. ඉදිරියේ නැවතත් තමන් ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායම සමඟ එක්ව තරඟ කිරීමටත් තමන්ගේ සහෝදර ක්‍රීඩකයන් සමඟ එකට එක්ව විනෝද වෙන්නත් බලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

ක්‍රිස්ටින් එරික්සන්ගේ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 15:17

Related items