April 26, 2024

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායක හැරී කේන්ට ඩොලර් මිලියන 140ක ලංසුවක්

ලෝකයේ සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන මැන්චැස්ටර් යුනයිටඩ් කණ්ඩායම විසින් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකයා වන හැරී කේන් සඳහා පවුම් මිලියන 100ක් ( ඇ.ඩො මිලියන 138ක්) ලංසුවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.

නමුත් හැරී අයත් වන ටොටන්හැම් හොට්ස්පූර් පාපන්දු සමාජයේ සභාපතිවරයා විසින් ලංසුවේ වටිනාකම පවුම් මිලියන 120ක් දක්වා වැඩි කර ඇති බවයි සඳහන් වන්නේ.

හැරී කේන් විසින් ඉහළම ගෝල් රැස් කරන්න සහ තරගයේ ගෝල් රැස් කිරීම සඳහා සහයකයෙකු ලෙස දැක්වූ දක්ෂතා මත රන් සපත්තුව දිනා ඇති තිබෙනවා. නමුත් හැරී මෙතෙක් සිය පාපන්දු සමාජය වෙනුවෙන් හෝ රට වෙනුවෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමිකර දීමට සමත් වී නැහැ.

මැන්චැස්ටර් කණ්ඩායම විසින් ඔවුන්ගේ හිටපු ක්‍රීඩකයෙකු වන දැන් බාර්සිලෝනා කණ්ඩායම සමඟ එක්ව සිටින සර්ජියෝ ඇගුවෙරෝ වෙනුවට හැරී කේන්ව ආදේශ කිරීමේ අදහසක් තිබෙන බවටයි ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

Rate this item
(0 votes)

Related items