May 06, 2024

පෙම්වතියේ ඡායාරූපයක් පාදයේ සඟවාගෙන ක්‍රීඩා කරන රොනල්ඩෝ

ලෝකයේ අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝගේ ප්‍රේක්ෂකයන් වෙත තවත් සමීප කළ හැකි ආකාරයේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ ඔහු විසින් සිය ආදරණීය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්‍රිගුස්ගේ පින්තූරයක් සහිත ෂින් පෑඩ් පැළැඳ 2020 යුරෝ කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නිකුත් වීමත් සමඟයි.

තරඟාවලියේ ජය ගැනීම සඳහා දැඩි තරගයක නිරතව සිටින ක්‍රිස්ටියානෝ හට තමන්ගේ පෙම්වතිය සමඟ සිටීමට තිබෙන කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඔහු මේ ආකාරයට දෙදෙනාම සිටින ඡායාරූපයක් සිය පාදයේ සඟවාගෙන සිටින බවයි සඳහන් වෙන්නේ.

මෙම ඡායාරූපයේ තිබුණේ ජොර්ජිනා සහ රොනල්ඩෝ විසින් ඔවුන්ගේ පෞද්ගලික ජෙට් යානයේ සිට ලබාගන්නා ලද ඡායාරූපයක්.

2017 වසරේ දී සිය ආදර සම්බන්ධය ආරම්භ කරන මේ යුවල ලෝකයේ වඩාත් ප්‍රසිද්ධියට පත් යුවලක් ද වෙනවා. 

Rate this item
(0 votes)

Related items