May 06, 2024

ලොව දක්ෂතම පාපන්දු තරුව ඉල්ලූ අරුම පුදුම වැටුප් වැඩිවීම - සතියට ලක්ෂ 1000 ක් ඉල්ලයි!

අද දවසේ පෘථිවිය මත සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඊජිප්තුවේ මොහොමඩ් සලා.

ආජන්ටිනාවේ මෙසී සහ පෘතුගාලයේ රොනැල්ඩො ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් ලෙස සැලකුවා.

ලොව දක්ෂතම ක්‍රීඩකයා

එහෙත් අද පාපන්දු ක්‍රීඩා විචාරකයින් හඳුන්වන්නේ ඔවුන් දෙදෙනාටත් වඩා ඉදිරියෙන් සලා සිටින බවයි.

සලා ගැන මෙවැනි හැඳින්වීමක් කළේ ඔහු නියෝජනය කරන එංගලන්තයේ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩා සමාජයෙන් සිතා ගැනීමටත් නොහැකි වැටුප් වැඩි කිරීමක් ඉල්ලා තිබෙන නිසා.

මේ වන විට 29 වැනි වියේ පසු වන සලා ඊජිප්තු ජාතික කණ්ඩායමේ නායකයාද වනවා.

ඔහු ලිවර්පූල් පිළට එක් වූයේ 2017 වර්ෂයේ.එම ගිවිසුම 2023 වර්ෂයේ දී අවසන් වීමට නියමිතයි.

අධික වැටුප් ඉල්ලීම

එහෙත් ඔහු දැන් දක්වන දක්ෂතා පදනම් කරගෙන සතියකට බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ හතරක වැටුපක් ලිවර්පූල් ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා තිබෙනවා.

එය ලංකාවේ මුදලින් නම් සතියකට රු. ලක්ෂ 1000 ක්.එනම් රු. මිලියන 100 ක්.

එහෙම බැලුවම මාසික වැටුප රු. මිලියන 400ක්.රුපියල් කෝටි 40ක්.

එවැනි මුදලක් ගෙවීමට තරම් වත්කමක් ලිවර්පූල් පිලට නැහැ.

ඉල්ලීම පිටුපස සිටින කණ්ඩායම

සලාගේ මෙම ඉල්ලීම පිටුපස සිටින්නේ ප්‍රංශයේ පැරීස් සෙන්ට් ජර්මන් කණ්ඩායම කියලයි විස්තර විචාරකයින් පවසන්නේ.

ඒ සලාව එම කණ්ඩායමට මිලට ගැනීමට අවශ්‍යව තිබෙන නිසා.

එනිසා ලිවර්පූල් කණ්ඩායමට ගෙවීමට නොහැකි මුදලක් ඉල්ලා සිටින ලෙස සලාට එම කණ්ඩායමේ හිමිකරුවන් උපදෙස් දී ඇති බවයි පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ.

ලිවර්පූල් කණ්ඩායමට සලා එම මුදල ගෙවීමට නොහැකි වූවොත් ඔහුට ක්‍රීඩා සමාජය අතහැර යෑමට අවස්ථාව ලබා දීමට සිදුවනවා.

මොහොමඩ් සලාව මෙවර දක්ෂතම ලෝක පාපන්දු ක්‍රීඩකයාගේ නම් ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

සලා නම් පවසන්නේ තමාගේ මුළු පාපන්දු දිවියම ලිවර්පූල් කණ්ඩායමත් සමඟ සිටීමට කැමති බවයි.

එහෙම කියා ඔහු දැන් බෝලය ලිවර්පූල් කණ්ඩායම පැත්තට දාලයි තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 09:47

Related items