May 06, 2024

ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පාපන්දු කණ්ඩායමට අහිමිරි පරාජයක්

දකුණු කොරියාවේ දී මේ දිනවල ලෝක පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟ පැවැත්වෙනවා.

අද (09) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරගයක් පැවැත්වුණා. ඒ ප්‍රබල දකුණු කොරියානු කණ්ඩායම සමඟයි.

මෙහිදී සම්පුර්ණ කාලය අවසන් වන විට ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් දෙමින් දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම ගෝල 5ක් රැස් කරගැනීමට සමත් වුණා.

මෙම තරඟයේ ඡයත් සමඟ දකුනු කොරියානු කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟවල එච් (H) කාණ්ඩයේ පෙරමුණ ගන්නට සමත් වී සිටිනවා.

ඒ තමන් සහභාගී වූ තරඟ 05න් 04ක් ජයග්‍රහණය කරමිනි.

දකුණු කොරියානු කණ්ඩායම වෙනුවෙන් කිම් ෂින්-වූක් විසින් 1ක් ගෝලයක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර දොං-කියොං ලී, හ්වාං හී-චාන්, සැන්ග්-බින් ජියොන්ග් ක්‍රීඩකයන්ද ගෝල රැස්කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය පරාජයට පත් වුණත් ඔවුන් තරඟාවලිය පුරාවටම විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට ප්‍රබල කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් ලබාදීමටත් සමත් වුණා. 

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රේක්ෂකයන් පවසා සිටින්නේ පසුගිය තරඟයන්වලට වඩා දැඩි තරඟයක් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියානු කණ්ඩායමට ලබා දීමට සමත් වූ බවයි.

අද තරඟය පැවැත්වුණේ ගොයැන්ග් ක්‍රීඩාංගණයේ දීය.

H කාණ්ඩයේ ප්‍රධාන ලකුණු සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 June 2021 21:13

Related items