April 26, 2024

එංගලන්ත පාපන්දු ලෝලීන් යක්ෂාවේශ වෙයි - ඉතාලි වැසියන්ටත් පහර දීලා! (VIDEO)

ලෝකයේ අතිශයෙන්ම ජනප්‍රියම ක්‍රීඩාව ලෙස පාපන්දු ක්‍රීඩාව නම් කළ හැකිය. මේ දිනවල එළැඹෙන ලෝක පාපන්දු ශූරතාවලියට සමගාමීව පාපන්දු තරඟාවලි පවත්වමින් තිබෙනවා.

ඒ අතර ලෝකයේ සුපිරි ගණයේ පාපන්දු කණ්ඩායම් සිටින යුරෝපයේ පවත්වනු ලබන යුරෝ කුසලාන තරඟාවලිය යුරෝපයේ පමණක් නොව මුළු මහත් ලෝකයේ ම දැඩි අවධානයක් දිනාගන්නා පාපන්දු තරඟාවලියක්.

ඒ අනුව මෙවර යුරෝ අවසාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් වන්නේ ප්‍රබල ජර්මානු කණ්ඩායමට ඓතිහාසිගත පරාජයක් අත්කර දෙමින්. එමෙන්ම එංගලන්තය සමඟ අවසන් තරඟයට සහභාගී වූ අනිත් රට වන්නේ තවත් ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා කරන රටක් වන ප්‍රබල ඉතාලි කණ්ඩායමයි.

එංගලන්ත කණ්ඩායම පිළිබඳව එරට වැසියන් දැඩි විශ්වාසයක් තබා සිටි අතර ඒ නිසාම ඔවුන් තුළ තිබුණේ දැඩි උද්වේගකර බවක්.

යුරෝ කුසලාන අවසන් පාපන්දු තරඟාවලිය පැවැත් වුණේ එංගලන්තයේ විම්බ්ලි පාපන්දු ක්‍රීඩාංගණයේ දී. පාපන්දු තරඟාවලිය ආරම්භයටත් පෙර සිටම එංගලන්ත පාපන්දු ලෝලීන් උද්වේගකාරීව හැසිරෙන ආකාරය දැකගත හැකි වුණා.

 ඒ අතරින් සමහර පිරිස් ආරක්ෂක නිලධාරීන් සමඟ ගැටුම් පවා ඇතිකරගෙන ඉක්මණින් ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කර සිටියා.

එම අවස්ථාවේ දර්ශන 

කෙසේ වෙතත් මෙම උද්වේගකාරී තත්ත්වය යටතේ පාපන්දු තරඟාවලිය ආරම්භ වූ අතර එංගන්ත ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් තරගයේ 02 වෙනි මිනිත්තුවේදී එංගලන්ත ක්‍රීඩක ලූක් ෂෝව් විසින් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වෙනවා.

ඉන්පසුව දැඩි උණුසුම් තරගයක් පැවති අතර තරගයේ 67 වෙනි මිනිත්තුවේ දී ඉතාලිය එංගලන්තය අභිබවා යමින් සිය පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වෙනවා. එම ගෝලයට හිමිකම් කිව්වේ ලියර්නාඩෝ බවුන්ස්සි විසින්. 

ඉන්පසුව තරඟාවලිය අවසන් වනතුරු කණ්ඩායමේ දෙකෙහි කිසිදු ක්‍රීඩකයෙකුට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා. අවසානයේ තරඟාවලියේ ජය පරාජය තීරණය කිරිමට සඳහා දඬුවම් පහර ලබාදුන්නා.  

දඬුවම් පහර 3-2ක් ලෙස ජය ගැනීමට ඉතාලි කණ්ඩායම සමත් වීමත් සමඟ යුරෝ කුසලානයේ හිමිකාරීත්වයද ඔවුනට හිමි වුණා.

මෙම සිදුවීමත් සමඟ එංගලන්ත පාපන්දු ලෝලීන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත් අතර තමන් සමඟ ක්‍රිඩාගාරයේ එකට තරඟය නැරඹූ ඉතාලි පාපන්දු ලෝලීන්ට අමානුෂික ලෙස පහර දීමට පටන් ගෙන තිබුණා. 

ක්‍රීඩාගාරය තුළ මෙන්ම ඉන් පිටතත් මෙම එංගලන්ත වැසියන් ප්‍රචණ්ඩකාරිව හැසිරුණු අතර ගැටුම් මැඩ පවත්වනට ගිය පොලිස් නිලධාරීන් 09 දෙනෙකුද තුවාල ලබා තිබූ බව සඳහන් වෙනවා.

එම අවස්ථාවේ දර්ශන 

මේ අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගැනීමට නොහැකි වූ කළු ජාතික ක්‍රීඩකයන් වන බුකායෝ සාකා, මාකස් රෂ්ෆර්ඩ් සහ ජාඩොන් සැන්චෝ යන ක්‍රීඩකයන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක මෙන්ම වර්ගවාදී ආකාරයේ චෝදනා මෙන්ම තර්ජනයන් ද එල්ල වෙමින් තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට පවා මැදිහත් වීමට සිදුව තිබුණු බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)