March 29, 2024

බ්‍රිතාන්‍යයේ ඉන්ධන අවුල විසඳන්න හමුදාව යොදවන්න යයි

September 29, 2021

බ්‍රිතාන්‍යයේ මේ වන විට ඉන්ධන පිරවුම්හල්වල තෙල් නොමැති තත්ත්වයක් ඇතිව තිබෙන අතර ඒ නිසා ජනතාවට දැඩි පීඩාවකට පත්ව ඇති බවත් සඳහන් වෙනවා.

එයට හේතුව වී ඇත්තේ එරට ඉන්ධන ප්‍රවාහනය කරන රථ සඳහා ප්‍රමාණවත් තරම් රියදුරන් නොමැති වීම නිසා ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ගෙන ඒමට නොහැකි වීමයි.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් තාවකාලිකව මෙම ඉන්ධන ප්‍රවාහන රථ රියදුරන් ලෙස යොදා ගැනීමට අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විටත් හමුදා සෙබළු 150 දෙනෙකු පමණ ඉන්ධන රථ ධාවන සඳහා සුදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය තුළ බර වාහන රියදුරන් 100,000කගේ පමණ හිඟයක් පවතින බවත් වාර්තා වෙනවා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 29 September 2021 16:03