April 23, 2024

ජනපති බයිඩන්ගේ අමතක වෙන ලෙඩේ යළි මතුවෙයි! ලොවම බලා ඉද්දී කළ දේ (VIDEO)

September 16, 2021

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර පැවැති මාර්ගගත ක්‍රමය යටතේ පැවැති සාකච්ඡාවකදී තරමක් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

ජනපති ජෝ බයිඩන් හට අමතක වීමේ රෝගයක් ඇති බවට අමෙරිකානුවන් සහ විරුද්ධ දේශපාලන මතදාරීන් අතර මතයක් පවතිනවා.

මෙම මතය යළි සනාථ වූ බවට එම පිරිස විසින් සමාජ මාධ්‍ය තුළ සැසිසරන රාජ්‍ය නායකයන් තිදෙනාගේ වීඩියෝ දර්ශනයක් උපුටා දක්වමින් පවසා සිටිනවා.

අදාළ වීඩියෝ දර්ශනය අනුව ජනපති බයිඩන් ස්තූතිය පුද කරමින් සිටින අතර ඔහුට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පුද කිරීමට අවශ්‍ය වුණත් අග්‍රාමාත්‍යවරයාගේ නම අමතක වී තිබුණා.

තප්පර කිහිපය නිහඬතාවයක් පෙන්වූ අමෙරිකානු ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ නම සිහි නොවීම නිසා ඔහුව 'මිතුරෙකු' ලෙස හඳුන්වා ස්තූතිය පුද කළා.

සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකි වූ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ද මවිතයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා දෙස බලන ආකාරය දැකගත හැකිවුණා.

එම සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(2 votes)
Last modified on Thursday, 16 September 2021 15:25