April 20, 2024

මුහුණු ආවරණ නීතිය ඉවත් වෙයි - බ්‍රිතාන්‍ය වසංගතයෙන් නිදහස ලබයි

බ්‍රිතාන්‍ය තුළ තවදුරටත් මුහුණු ආවරණ පැළැඳීම නීතියානුකූල නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ප්‍රකාශ කර සිටියා. කෙනෙකුට මුහුණු ආවරණ පැළැඳීමට අවශ්‍ය නම් එය එම පුද්ගලයා කැමැත්ත පමණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ඉදිරියේ දී සමාජ දුරස්ථ භාවය සඳහා පනවා තිබූ නීතියද ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය සුදානම් වෙමින් සිටින අතර බ්‍රිතාන්‍ය තුළ කොරෝනා පාලනය වූ ප්‍රදේශ සලකා බලා එම නීතියද ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය සුදානම්ව සිටියි.

එමෙන්ම 06 දෙනෙකුට වඩා රැස්වීමට නොහැකි බවට පනවා තිබූ නීතියද ඉවත් කර ඇති අතර නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමයද අහෝසි කිරීමට නියමිතව තිබෙනවා.

එලැඹෙන ජූලි 12 වැනිදා මෙම තීරණය ගැනීම සඳහා වන තිරණාත්මක සෞඛ්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ජූලි 19 වැනිදා සිට බ්‍රිතාන්‍ය ජනතාවට සිය ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට අවස්ථාව උදාවනු ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)