April 25, 2024

ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් පාලම සිරවෙයි

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ පාලමක් වන ටවර් පාලම මෙම වසරේ දී දෙවැනි වතාවටත් එහි ක්‍රියාකාරීත්වය අඩපණ වී තිබෙනවා.

එම පාලම හරහා නෞකාවක් හෝ බෝට්ටු යන අවස්ථාවලදී පාලම එසවී දෙපසට විවෘත වීමට සකස් කර තිබෙනවා.

නමුත් එලෙස විවෘත කළ පාලම නැවත වැසී නොමැති බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබුණු බව වාර්තා වෙනවා.

මෙලෙස පාලම සිරවීමට හේතුව එය ඉහළට ඔසවන සහ පහත් කරනු ලබන යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝෂයක් බවටයි මේ වන විට අනාවරණය කරගෙන තිබෙන්නේ.

මෙය මෙම වසරේ දී එලෙස සිරවීමකට ලක්වුණු දෙවන අවස්ථාව බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 08:15