April 25, 2024

මාත්‍රා දෙකම ගත්ත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා වන සජිඩ් ජිවාඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා.

එරහටරජය විසින් කොරෝනා නීති ලිහිල් කිරීමට දින 01ක් ඉතිරිව තිබියදී මෙම සිදුවීම වාර්තා වීමත් විශේෂත්වයක්.

මේ වන විට සෞඛ්‍ය ලේකම්වරයා ස්වයං නිරෝධායනයට යොමුව තිබෙන අතර ඔහුගේ පි.සී.ආර් ප්‍රතිඵලය ලැබෙනතුරු ඔහු බලා සිටින බවයි සඳහන් වන්නේ.

ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබුණත් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, වෛරස් ආසාදනයේ යම් ලක්ෂණ පෙන්වන බවත් සඳහන් වෙනවා.

මැට් හෑන්කොක් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් බ්‍රිතාන්‍ය වංසගත නීති උල්ලංඝනය කරමින් හැසිරීමේ චෝදනාවක් නිසා ඉල්ලා අස්වූ අතර පසුගිය ජූනි 26 වැනිදා නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සජිඩ් ජිවාඩ් තේරී පත් වුණා.

සෞඛ්‍ය ලේකම්වරයා විසින් මේ සම්බන්ධව සිය ට්විටර් ගිනුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

Rate this item
(0 votes)