May 07, 2024

ඩෙන්මාර්ක් පාපන්දු තරුව සිහිසුන්ව පිටිය මැද ඇද වැටුණු හේතුව හෙළිවෙයි

ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායමේ තරුවක් තරගයක් අතර සිදු වූ හදිසි අනතුර ලෝකයේ පාපන්දු ලෝලීන් දැඩිව කම්පාවට පත් කරන්නට සමත් වුණු සිදුවීමක් වුණා.

යුරෝ කුසලාන තරඟාවලියේ දී හොඳින් ක්‍රීඩා කරමින් සිටි ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායමේ තරුව ක්‍රිස්ටීන් එරික්සන් ෆින්ලන්තය සමඟ පැවැති තරඟයේ දී එක්වරම සිහිසුන්ව පිටිය මැද ඇදගෙන වැටෙන අතර පසුව ඔහුව රෝහල් ගත කරන්නත් කටයුතු කරේ තරගයක් මදකට ප්‍රමාද කරමින්.

ක්‍රිස්ටින් එරික්සන්ට මොකද වුණේ?

ලෝක පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලබාගැනීමේ යුරෝපියානු තරඟාවලිය වන යුරෝ කුසලාන තරඟාවලියේ ඩෙන්මාර්ක් සහ ෆින්ලන්තය අතර පැවැති තරගයේ දී මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබුණා.

පසුගිය 12 වෙනිදා පැවැති මෙම තරඟයේ දී ක්‍රිස්ටින් මෙලෙස සිය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට පන්දුව ලබාදීමට උත්සාහ කිරීමේදී ඔහු එක්වරම ඇද වැටෙනවා.

වහාම ක්‍රියාත්මක වූ ඩෙන්මාර්ක් සහ ෆින්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෝ ක්‍රිස්ටින්ගේ සහායට එකතු වුණු අතර තරගයට යොදවා සිටි වෛද්‍යවරුන් ද එම ස්ථානයට පැමිණියා. ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු ප්‍රේක්ෂකයන් දැඩිව සංවේදීව සිදු වන දේ බලා සිටින ආකාරයත් දැකගන්න පුළුවන් වුණා.

ක්‍රිස්ටින් කෝමා තත්ත්වයට පත්ව සිටි බවට වාර්තා වුණත් පසුව ඔහුට සිහිය ලැබී තිබෙනවා. ක්‍රිස්ටින්ට හදිසි ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවේදී  ඩෙන්මාර්ක් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විසින් ක්‍රිස්ටින්ව වට කරගන්නටත් කටයුතු කළ අතර හදිසි ප්‍රතිකාර ලබාදී ඔහුව ක්‍රීඩාංගණයෙන් රැගෙන යනතෙක්ම ආවරණය කරගෙන සිටියා.

මුලින්ම ක්‍රිස්ටින් ඇද වැටෙන වීඩියෝවක් මාධ්‍ය පළ කළ නමුත් එම අවස්ථාව සියලු මාධ්‍ය විසින් පසුව කපා හැරීමට කටයුතු කර තිබුණා.

පාපන්දු තරුව සිහිසුන්ව ඇද වැටුණේ ඇයි?

ඩෙන්මාර්ක් පාපන්දු කණ්ඩායමේ වෛද්‍යවරයාට අනුව ක්‍රිස්ටින් සිහිසුන්ව ඇද වැටී තිබුණේ ඔහුට හදිසියේ ඇති වූ හද්‍යාබාධයක් හේතුවෙන් බව අනාවරණය වෙනවා.

තරගය මැද වැටී සිටින අවස්ථාවේ පවා ඔහුගේ හෘද්‍ය දුර්වල වෙමින් තිබුණු බව කණ්ඩායම් වෛද්‍යවරයා විසින් පවසා සිටි අතර ඔහුට CPR (සී.පී.ආර්) ලබාදීමටත් කටයුතු කළ බවද වෛද්‍යවරයා විසින් සඳහන් කර සිටියා.

එමෙන්ම ක්‍රිස්ටින් හට විදුලි සැර පවා ලබාදීමට සිදු වුණු බවත් එයින් පසුව ඔහුගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න සමත් වුණු බව වෛද්‍යවරයා සඳහන් කර තිබුණා.

සිහිසුන් වීමට හේතුව හෘද්‍යාබාධ තත්ත්වයක් වුණත් එය ඇතිවීමට හේතුව වුණු කාරණය මෙතෙක් හෙළි වී නැහැ.

පිටිය මැද පැය 15කට ආසන්න කාලයක් හදිසි ප්‍රතිකාර ලබාදිමෙන් පසුව එරික්සන්ව රෝහල් ගත කිරීමට පිරිස කටයුතු කර තිබුණා. ඔහු දැන් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තරගයේ ප්‍රතිඵලයට මොකද වුණේ? 

සිය සහෝදර ක්‍රීඩකයාට සිදු වුණු හදිසි අනතුරෙන් පසුව ක්‍රීඩා කිරීමට නැවත පිටිය වෙත පිවිසියත් ඔවුනට ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයේ මානසිකත්වය තිබුණාද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයන් විසින් සඳහන් කර තිබුණා.

තරගයේ සම්පුර්ණ කාලය අවසන් වන විට ඩෙන්මාර්ක් කණ්ඩායමට එරෙහිව ෆින්ලන්ත කණ්ඩායම ගෝලයක් රැස් කරගන්නට සමත් වුණු අතර ඒ අනුව ෆින්ලන්ත කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 09:32

Related items