May 04, 2024

ඊශ්‍රායල - පලස්තීන නායක දෙපළට බයිඩන්ගෙන් හදිසි ඇමතුමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පලස්තීන ජනාධිපති මහමුඩ් අබ්බාස් වෙත දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

මීට පැයකට පමණ පෙරයි මෙය සිදුව ඇත්තේ.

ගාසා තීරය තුළ මේවන විට හටගෙන ඇති යුද වාතාවරණය පිළිබඳව මෙහි දී බයිඩන් ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.

ජෝ බයිඩන් සහ මහමුඩ් අබ්බාස් අතර සංවාදයක් ඇති වූ පළමු වැනි අවස්ථාව මෙය ලෙස සැළකෙනවා.

එමෙන්ම ජනපති බයිඩන් විසින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වෙත ද දුරකතනයෙන් අමතා සාකච්ඡා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 15 May 2021 23:21