March 28, 2024

ඇලස්කාවේ ප්‍රබල භූ චලනයක්

අමෙරිකා එක්සත් ජනපද ප්‍රධාන භූමියෙන් වෙන්ව ඇති ප්‍රාන්තයක්වන ඇලස්කාවෙහි ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා.

මෙය එම ප්‍රාන්තයේ මුහුදුබඩ පෙදෙසකට බලපා ඇති බව සඳහන්.

එමෙන්ම ඇලස්කාවෙහි ප්‍රධානතම ධීවර වරායක් මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති බව ද වාර්තා වනවා.

භූ චලනය හටගෙන ඇත්තේ එරට වේලාවෙන් පස්වරු 8.17ට යි.

යුනලස්කා නගරයට කිලෝමීටර 74ක් දුරින් පිහිටි ස්ථානයක කිලෝමීටර 03ක් පමණ පොළව අභ්‍යන්තරයේ, මෙම භූ චලනයේ අපි කේන්ද්‍රය පිහිටා ඇති බව යි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය පවසන්නේ.

එහි ප්‍රබලත්වය මැග්නිට්‍යුඩ් 6.3ක් ලෙස සටහන් වී තිබෙනවා.

භූ චලනයෙන් සිදුව ඇති ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම මෙම චලනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව යි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 23 January 2022 15:13