April 25, 2024

පොප් තාරකාවිය රොනී ස්පෙක්ටර් දිවියට සමුදෙයි

අමෙරිකානු ගායන ශිල්පිනී රොනී ස්පෙක්ටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

60 දශකයේ පොප් සංගීතය තුළ තරු සළකුණක් ලෙස යි ඇය සැළකෙන්නේ.

ඇය එවකට අතිශය ජනප්‍රියට පත් “රොනෙට්ස්” ගායිකා කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ද වූවා.

“බී මයි බේබි”, “බේබි අයි ලව් යූ” සහ “වෝකිං ඉන් ද රේන්” වැනි ගීත ඇය ගැයූ ගීත ගොන්න අතර ඉහළම ජනප්‍රියත්වයක් දරනවා.

රොනී මෙලෙස මරණයට පත් වූයේ පිළිකා රෝගී තත්ත්වයක් සමග කෙටි කාලයක් සිදු කළ සටනක ප්‍රතිඵලයක් ලෙසින්.

මියයන විට ඇය පසුවූයේ 78 වැනි වියේ යි.

ඇය සිය "බී මයි බේබි" ගීය 1965 වසරේ දී සජීවීව ගැයුවේ පහත අයුරින්..

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 January 2022 12:24