April 27, 2024

හමුදා කුමන්ත්‍රණයෙන් පස්සේ සූකී ට වුණු දේ මෙන්න

February 02, 2021

ඊයේ (02) දිනයේ දී මියන්මාරයේ පාලන බලය නැවත වතාවක් එරට හමුදාව විසින් තහවුරු කරගනු ලැබුණි.

මෙම බලය නැවත පවරා ගැනීමෙන් පසුව ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය මියන්මාරය වෙත යොමු වූ අතර වසර ගණනාවක් හමුදාව යටතේ නිවාස අඩස්සියේ සිටි අවුන් සාන් සූකී හට සිදුවුයේ කුමක්දැයි බොහෝ දෙනා සොයන්නට විය.

නමුත් ඇයට සිදු වුණේ කුමක්දැයි ඒ වෙනතෙක් වාර්තා නොවී තිබුණි.

කෙසේ වෙතත් ප්‍රංශ පුවත්පත් ඒජන්සියට සූකීගේ පක්ෂයේ නම හෙළි නොකළ පුද්ගලයෙකු විසින් පවසා තිබුණේ සූකී සහ නව රජයේ ජනාධිපතිවරයා වූ වින් මයින්ට් යන දෙදෙනාව මේ වන විට හමුදාව විසින් නිවාස අඩස්සියට දමා ඇති බවයි.

එමෙන්ම ඔහු විසින් පවසා තිබුණේ සූකී විසින් පක්ෂ සාමාජිකයන්ට කලබල නොවන ලෙස පවසා ඇති බවයි. නමුත් පක්ෂ සාමාජිකයන් මේ වන විටත් කනස්සල්ලයට පත්ව ඇති බවත් ඔවුන් නිවසේ හොඳින් සිටිනවාද යන්න පිළිබඳව දැන ගැනීමට ඡායාරූපයක් හෝ තිබෙනවා නම් හොඳයි යන්නත් එම සාමාජිකයන් විසින් පවසා තිබුණි.

හමුදා කුමන්ත්‍රණය සිදු වූ අවස්ථාවේ ඇය විසින් විරෝධය දැඩිව එල්ල කළත් දැන් ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එමෙන්ම හමුදා කුමන්ත්‍රණය අවස්ථාවේ අක්‍රීය වූ දුරකථන සම්බන්ධතා සහ අන්තර්ජාල පහසුකම් දැන් නැවතත් යථා තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(0 votes)